Photo of Milford Sound in New Zealand

Nov 21, 2016

What is an internet bot - Sinhala

http://www.aluth.com/2016/11/what-is-internet-bot-sinhala.html
මොකද්ද මේ ඉන්ටර්නෙට් බොට් කියන්නේ ?

අන්තර්ජාලය හා සම්බන්ධ වී ක්‍රියාත්මක කරවන මෘදුකාංග ඒජන්ට් (Software agent) වැඩසටහන් ඉන්ටර්නෙට් බොට් කියා හඳුන්වයි.


මෙවැනි වැඩසටහන් භෞතිකව ශරීරයකට සම්බන්ධකර ක්‍රියාත්මක කරවිය හැක. එවිට එය රොබෝවකි. භොතික ශරීරයකට නොව තවත් වැඩසටහනකට සම්බන්ධකර වුවත් ක්‍රියාත්මක කරවිය හැක. එවිට එය බොට් (bot) වැඩසටහනකි. බොට් යන වචනය බිඳී අාවේ රොබො හෙවත් රොබොට් (Robot) යන ඉංග්‍රීසි වචනයෙනි. මෙවැනි බොට් වැඩසටහන් ගණනාවක් වෙයි. එ්වා අන්තර්ඡාලය සම්බන්ධ කර හෝ ස්වාධීනව ක්‍රියාත්මක කරවන එ්වාය.අන්තර්ඡාලය හා  සම්බන්ධ කර ක්‍රියාත්මක කරවන බොට් ඉන්ටනෙට් (Internet bot) බොට් ලෙස හඳුන්වයි. මේවා යම් කාර්යක්, නැවත නැවත ඉටු කරමින්, මිනි-සෙක් කරනවාට වඩා වේගයෙන් කරනවාට වඩා වේගයෙන් සහ නිවැරදිව කරනු පිණිස ලියූ වැඩසටහන් වර්ගයකි.


අප ඔන්ලයින් ෂොපිං වෙබ් අඩවියක් සමඟ සම්බන්ධවී එහි අවශ්‍ය දෙය ටයිප් කර අැනවුම් කරන්නේ කියා සිතන්න. එවිට එ් අැනවුමට අදාළව චැට් ස්වරූපයෙන් ප්‍රශ්න ගණනාවක් අසයි. එ්වාට පිළිතුරු ටයිප් කරමින් අැනවුම සම්පූර්ණ කළේය කියා සිතන්න. දැන් මේ අප ගනුදෙනු කර අැත්තේ සැබෑ පුද්ගලයෙක් සමඟ නොවේ. ඉන්ටර්නෙට් බොට් වැඩසටහනක් සමඟය. එනම් දැන් ඉන්ටනෙට් බොට් එදිනෙදා ඡීවිතයේ කටයුතුවලට කෙළින්ම උදව් කරන තරමට ප්‍රචලිතවී අැති තාක්ෂණික යෙදුවුමකි. එ් සමඟ නරක යෙදුම්ද වෙයි. වෙබ් අඩවි සම්පූර්ණයෙන් අඩපණ කර දැමීමේ පටන් අන්තර්ඡාලය ඔස්සේ කෙරෙන බොහෝ නරක වැඩ කිරීමට යොදා ගන්නේද බොට් වැඩසටහන්ය.


චැටර් බොට් (chatter bot)

අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින් අතර සන්නිවේදන කටයුතු කිරීම වෙනුවෙන් සකසා අැති බොට් වෙයි.  චැටර් බොට් (chatter bot) හෝ චැට් බොට් (chat bot) වශයෙන් මේවා හඳුන්වයි. සරල ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අැසීමට ඉඩ දී, එ්වාට ගැළපෙන සේ පිළිතුරැ සොයා සකසා ඉදිරිපත් කිරීම මෙම බොට් මඟින් කරයි. මෙම චැට් බොට් හා සම්බන්ධ රොබෝ වැඩ සටහන හඳුන්වන්නේ අයිඅාර්සී (IRC - Internet Relay Chat) බොට් යන නමිනි. මෙය එම වේලාවේම සන්නිවේදන කටයුතු කළ හැකි (real time chat communication) තාක්ෂණ ප්‍රමිතියකි. එනම් ප්‍රොටොකෝලයකි. අයිඅාර්සී සර්වර් තවත් එ්වා සමඟ එක්වී ඡාල තනා ගෙන තිබේ. මේ ජාල හරහා ප්‍රසිද්ධව හෝ අප්‍රසිද්ධව සන්නිවේදන කටයුතු කරන්නට පුළුවන්. අයිඅාර්සී බොට් තැනෙන්නේ මෙම අයිඅාර්සී සර්වර් ඡාල ඔස්සේ ස්වයංක්‍රීයව විධාන හැසිරවීම තුළිනි. ඉන්ස්ටන්ට් මැසේඡිං සේවාවල (IM - internet messaging) ක්‍රියාත්මක වෙන්නේද මෙවැනි බොට් වැඩසටහන්ය.

උදාහරණයක් බලන්න.


ෆේස්බුක් සහ වට්ස් අැප් සේවයේද, ස්කයිප් සහස්බුක් සහ වට්ස් අැප් සේවයේද, ස්කයිප් සහ ට්විටර් යන සේවාවලදීද මෙවැනි බොට් ගණනාවක් බැඟින් ක්‍රියාත්මක වෙයි. අද ලොව වෙසෙන්නන් අතරින් කෝටි 250ක් (බිලියන 2.5ක්) පමණ දෙනා, අඩුම තරමින් මෙවැනි මැසේඡිං අැප් අතරින් එකක් හෝ ඩවුන්ලෝඩ් කර ගෙන සිටින බව "දි ඉකොනොමිස්ට්" (economist.com) සඟරාව පසුගිය දිනක වාර්තා කළාය. එසේම එහි තවදුරටත් කියා තිබුණේ, වට්ස් අැප් සේවය භාවිතා කරන්නන් පමණක් ගත් විට සාමාන්‍යයෙන් එක් අයෙක් සතියකට මිනිත්තු 200 ක් පමණ එ් හරහා චැට් කරන බවයි.

බොට් භාවිතයේ විවිධ පැතිකඩ ගැන විමසා බැලෙන විද්වත් සමුළුවක් ඔක්තෝබර් 19 වැනිදා අැමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්විය. එම සමුළුවේ විස්තරද මෙතනින් බලන්න.


 

වෙබ් සර්ච් එන්ජින්.

සම්බන්ධ අද අන්තර්ඡාලයේ වෙබ් පිටු ට්‍රිලියන 60ක් පමණ තිබේ. ට්‍රිලියනයක් යනු මිලියන මිලියනයක් හෙවත් කෝටි ලක්ෂයක් නිසා අද තිබෙන වෙබ් පිටු ගණන කෝටි හැට ලක්ෂයකට වැඩිය. ඕනෑම සර්ච් එන්ඡිමක් එමඟින් ඉදිරිපත් කරන තොරතුරු සොයා ගන්නේ මෙම වෙබ් පිටු අතරිනි. මෙම සර්ච් එන්ජිමක් හරහා යම් තොරතුරක් ඉල්ලා සිටි විට එය අපට ඉදිරිපත් කරන්නට කලින් සර්ච් එන්ජිම විසින් එ්වා සොයා ගනු ලැබිය යුතුය. මේ සඳහා සර්ච් එන්ජිම විසින් බොට් වැඩසටහන් ක්‍රියාත්මක කරවනු ලබයි. ස්පයිඩර්ස් (spiders) කියා හඳුන්වන්නේ මෙම බොට් වැඩසටහන්ය. මේවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් වෙබ් පිටුවෙන් පිටුවට ගොස් තොරතුරු සොයා, එ්වා ලැයිස්තුගත කර ගැනීගැනීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ වෙබ් ක්‍රෝලි (web craw - ling) ලෙසයි.

සර්ච් එන්ජිමක් තවත් වෙන එක් අංගයක් වෙන්නේ මෙම ස්පයිඩර් වැඩසටහන්වල ක්‍රියාකාරිත්වයයි. අද තිබෙන සෑම ප්‍රධාන පෙළේ සර්ච් එන්ජිමකම පාහේ ස්පයිඩර් වර්ගයේ බොට් වැඩසටහන් දහස් ගණනක් ක්‍රියාත්මක වෙයි.ස්පයිඩර් වැඩසටහන් මගින් රැස් කරගත් තොරතුරැ අතරින් යම් කෙනෙකුට අවශ්‍ය තොරතුරැ සොයාදීම, පරිගණක විද්‍යාත්මකව ගත් විට ගැටලුවක් විසඳීමකි. මෙසේ යම් ගැටලුවක් විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් මාලාවක්, සර්ච් එන්ඡිමකට තිබිය යුතුය. අැල්ගොරිතම කියා හඳුන්වන්නේ  මේවායි. සර්ච් කිරීමකින් ඉල්ලා සිටින දේ, කවරක් සමඟ වඩාත් හොඳින් ගැළපෙන්නේද කියා මෙම අැල්ගොරිතමය මඟින් විමසන්නේ ලැයිස්තු හෙවත් ඉන්ඩෙක්ස් පීරා බලමිනි. එයින් උකහා ගත් තොරතුරු එහි ගැළපීමට අනුව පෙළ ගැස්වීම ඉන් අනතුරුව සිදුකෙරේ.

මෙසේ පෙළ ගැස්වූ තොරතුරු සමූහය තවත් කාරණා ඔස්සේ විමසා බැලේ. එ් එම තොරතුරු අප ඉල්ලා සිටින සෙවුමට කොතරම් දුරට ගැළපෙන්නේද කියා තවදුරටත් පිරිපහදු කොට ගන්නටය. මෙය කීප වාරයක්ම එය සිදුකරයි. ඉන් පසුව සර්ච් ප්‍රතිඑලය ඉදිරිපත් කෙරේ. සර්ච් එන්ජිමක වේගය රඳා පවතින්නේ මෙම සම්පූර්ණ ක්‍රියාවලියම කෙතරම් ඉක්මණට සම්පූර්ණ කරන්නේද යන්න මතයි. එ් සියල්ල රදා පවතින්නේ සර්ච් එන්ජිම හා සම්බන්ධකර තිබෙන බොට් වැඩසටහන්වල හැකියාව මතය.

අැපල් මැක් ඕඑස් ( Apple Mac iOS), සියෙරා මෙහෙයුම් පද්ධතිය සමඟ මෙන්ම අයිඕඑස් (iOS) මොබයිල් මෙහෙයුම් පද්ධති සමඟ තිබෙන සිරි (siri) වැඩසටහන, ලෝකයා මහත්සේ බොට් ප්‍රයෝජනයට ගනුලබන බොට් වැඩසටහනකි. ගූගල් නිව් (Google New) යනුද සිරි සහ කොර්ටානා වැනිම බුද්ධිමත් පෞද්ගලික සහයක (Intelligent Personal Assistant) බොට් වැඩසටහනකි. මයික්‍රොසොෆ්ට් කොර්ටානා වැඩසටහන වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමඟ අැති බොට් වැඩසටහනකි. එයද කටහඩින් දෙන වචන හඳුනාගෙන පිළිපදින වැඩසටහනකි.


බොට්නෙට් (botnet)

අන්තර්ඡාලය සමඟ සම්බන්ධ වෙන පරිගණක කෝටි ගණනක් එකම නරක අරමුණකට මෙහෙයවිය හැකි බොට්නෙට් යනු, පරිගණක අාරක්ෂාව අතින් අද ලොව තිබෙන ලොකුම අර්බුදයයි. බොට් තනන්නාට හෙවත් බොට්කරැවාට (Bot Operator) ඕනෑ හැටියට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන සේ සකසා තිබෙන නරක වැඩසටහන් හෙවත් මැල්වෙයා වෙයි. මේවා අන්තර්ජාලය හරහා දියත් කළ විට අාරක්ෂාව අතින් නොයෙක් දුර්වලතා අැති පරිගණක වෙත විත් එය පැළපදියම් වෙයි. එ් එම පරිගණකය පාවිච්චි කරන එහි සැබෑ අයිතිකරුවාට නොදැනෙන සේය. මෙසේ බොට්කරුවා විසින් තම අණසකට ගනු ලබන අනුන්ගේ පරිගණක සියල්ල එක්කොට, තනි ජාලයක් සේ ක්‍රියාත්මක කරවන්නට පුළුවන. එහිදී පරිගණක අයිතිකරු කරන වැඩ වලට ඉඩදි, ඔහුට නිතරම ප්‍රයෝජනයට ඕනෑ වෙන්නේ නැති පරිගණක ධාරිතාව, බොට්කරු සතු දෙයක් මෙන් හසුරුවයි.

මෙසේ බොට්කරුගේ විලාසයට හැසිරෙන පරිගණක, සෝම්බි (zombie) පරිගණක කියාද හඳුන්වයි. සෝම්බි යනු අප්‍රිකානු භාෂාවකින් ගත් වචනයකි. මළගිය  ප්‍රාණකාරයාටත් අාවේශවී, එ්  ප්‍රාණකාරයාටත් ඕනෑ වැඩ කර දෙන මිනිස්සු සිටිතැයි සමහර අප්‍රිකානුවෝ විශ්වාස කරති. එවැනි අාවේශය ගත් අය සෝම්බි ලෙස හඳුන්වයි. බොට්කරැ අාවේශ වූ පරිගණකයත් මෙසේය. එය අයිතිකරුට මෙන්ම බොට්කරුටත් සේවය කරයි.

බොට්කරුවා මෙම සොම්බි පරිගණක සියල්ල එක්කොට තනි ජාලයක් තනයි. එය බොට් ඡාලය හෙවත් බොට්නෙට් එකයි. තනි පුද්ගලයෙකුගේ අණට යටත් මේ ජාලයට අයත් පරිගණක කෝටි ගණනක ධාරිතාව එකවර යොදාගත් විට එය සුළුපටු බලයක් නොවේ. බොට්කරු යටිකූට්ටු වැඩ කරනු පිණිස මෙම පරිගණක බලය යොදා ගනී. එවැනි වැඩ ගණනාවක් වෙයි.


  • ඡනප්‍රිය මෘදුකාංගවල හොර කොපි (pirated copies) විකිණීමට මෙන්ම කිසි හැකියාවක් නැති අැන්ටි වයිරස් (bogus antivirus) විකිණීමට, බොට්නෙට් හරහා ඉ මේල් එවන්නෝ සිටිති. මේ සියල්ල ස්පෑම් ඊ-මේල්ය. මෙසේ ස්පෑම් එවීම පිණිස තනන ලද බොට්, ස්පෑම්බොට් (spambots) ලෙස හඳුන්වයි.
  • වෙබ් අඩවියක් අවහිර කරන්නට ඕනෑ වු විට එය කළ හැකි උපක්‍රමයක් වෙන්නේ, පරිගණක ලක්ෂ ගණනක් හරහා එම වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට වෙර දැරීමය. බොට්නෙට් එකක් හරහා මෙය කරන්නට පුළුවන්. එවිට මැවෙන ව්‍යාජ තදබදය (net traf-fic) නිසා වෙනත් කෙනෙකුට මේ වෙබ් අඩවියට පිවිසෙන්නට බැරිය. මෙවැනි ප්‍රහාරයක් හඳුන්වන්නේ DDoS (distributed denial of service) කියාය. මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ කොන්ත්‍රාත්තු භාර ගන්නා බොට්කරුවෝ ඉන් මුදල් උපයති.
  • බැංකුවක හෝ වාණිජ අායතනයක හෝ වෙබ් අඩවියක් සේ පෙනෙන ලෙස සැකසූ ව්‍යාඡ වෙබ් අඩවි තිබේ. මේ වෙබ් අඩවි වෙතට යන ගනු දෙනුකරැවෝ තමන්ගේ බැංකු ගිණුමේ මුරපද,  ක්‍රෙඩිට් කාඩ් අංක යනාදිය එ්වාට ලබා දෙති. ෆිෂිං (phishing) කියා හඳුන්වන්නේ මහඡනයා නොමඟ යවා, තොරතුරැ එක්රැස් කරන බොට්නෙට් තිබේ. එ්වා හසුරුවන බොට්කරු මේ තොරතුරු අවශ්‍ය අයට විකුණා මුදල් උපයති.
  • විශාල මූල්‍ය අායතනයක හෝ රහස් සුරකින තැනක පරිගණකයක් තමන්ගේ බොට්නෙට් එකට අෑඳා ගනු පිණිස බොට් කරුවන් මාන බලන්නේ එමඟින්ද මුදල් උපයා ගන්නට පුළුවන් නිසාය. එ්, එම පරිගණකවල තිබෙන රහස් ලබාගෙන, එ්වා ඉල්ලා සිටින අයට අලෙවි කිරීමෙනි.
  • ෆේස්බුක් (Like) ප්‍රොෆයිල්වල අැති ලයික් ගණන ව්‍යාජ ලෙස වැඩි කර පෙන්වන්නට මුදල් අය කරන අය වෙත මේ වැඩ කරන්නේ බොට් වැඩසටහන් යොදා ගෙනය. මේ විදියටම මුදල් අය කර යුටියුබි වීව්ස් ගණන ව්‍යාජ ලෙස වැඩි කර පෙන්වන අයද සිටී. එහිදීද යොදා ගන්නේ එ් සඳහා තැනු සුවිශේෂ බොට් එකකි.
ඔබ මේ ලිපිය මගින් යම්කිසි දැනුමක් ලැබුවානම් පහතින් අදහස් පලකරන්න අමතක කරන්නත් එපා. වෙබ් අඩවිය ෆලෝ කිරීමට දකුණු පස පහතම Follow මත ක්ලික් කරන්න. එවිට එසැනින් ඔබට අලුත් ලිපි ලබාගන්න පුළුවන්. 


 
Top