Dec 8, 2016

Facebook's fake news problem

http://www.aluth.com/2016/12/facebooks-fake-news-problem.html
ෆේස්බුක් මගින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ වෙබ් අඩවි වෙත රතු එළියක්.

පීරු රාජ්‍යයේ ලීමා අගනුවරදී අැරඹී අාසියා ශාන්තිකර කලාපීය අාර්ථික සහයෝගිතා සමුළුවේ දී මාක් සකර්බර්ග් ෆේස්බුක් ජාලයේ හැසිරීම

අැමෙරිකානු ජනපති වරණ තීන්දුව කෙරෙහි බලනොපෑ බවයි. නමුත් අැමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයාව සිටියදී, ඔහුට පක්ෂපාතී වෙන සේ බොරු පුවත් මවා පළ කළේය යන චෝදනාව ෆේස්බුක් සමා ජාලයට එල්ලවී තිබෙනවා. ගූගල් පුවත් සේවයට මෙන්ම ට්විටර් මැසේජින් සේවයටද මේ චෝදනාව එල්ලවී තිබෙනවා. එමනිසා දැන් ෆේස්බුක්, ගූගල් සහ ට්විටර් යන සමාගම් සියල්ල ව්‍යා පුවත් මවා පළ කරන වෙබ් අඩවි (Fake News Sites) සියල්ල සිය සේවාවලින් ඉවත් (Block) කරමින් පවතිනවා.

මේ වගේම පහුගිය වකවානුවේ විවිධ තස්ත්‍රවාදී ක්‍රියා සමාජ ජාල හරහා සිදුවුණා. එය වර්තමානය වෙනකොට වැඩිවෙමින් පවතිනවා. ෆේස්බුක්, ගූගල් හෝ ට්විටර් මේ වැඩෙත් නවත්තන්න හදන්නේ. ඒ කියන්නේ ත්‍ර ස්ත ක්‍රියා දැක්වෙන වීඩියෝ, ඡායාරූප සහ ලිපි සියල්ලම ෆේස්බුක්, ගූගල් හෝ ට්විටර් සමා ජාලයන් තුළින් ඉවත් කරන බව කියා සිටිනවා. මෙසේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයාට පක්ෂපාතී වෙන සේ පුවත් පළ කළේ ෆේස්බුක්, ගූගල් හෝ ට්විටර් යන සේවාවල කිසි අනුදැනුමකින් නොවේ. එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් නාධිපති අපේක්ෂකත්වය ලැබු කන්සර්වේටිව් පක්ෂයේ අනුදැනුමකින්ද තොරවය. එසේ පුවත් පළ කළේ වෙනත් පිරිසකි. එ් අය මැසිඩෝනියාවේ සිට පුවත් වෙබ් අඩවි පවත්වාගෙන යන පිරිසකි.

අැමෙරිකානු නාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අැමරිකානු දේශපාලන පුවත් ගැන උනන්දුව වැඩි වී තිබෙනවා. මෙවිට මැසිඩෝනියාවේ උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන්, අැමෙරිකාවේ සිට පළ කරන්නාක් සේ හැගෙන නම්වලින් යුත් පුවත් වෙබ් අඩවි සහ ඊට සම්බන්ධ ෆේස්බුක් පිටු අැරඹීමයි.අැමෙරිකානු ජනාධිපතිවරණ සමයේ මෙහි සිට ව්‍යාජ පුවත් වෙබ් අඩවි 140ක් ක්‍රියාත්මකවූ බව අැමෙරිකාවේ සිට ක්‍රියාත්මකවන අන්තර්ඡාල මාධ්‍ය සමාගමක්වන බස් ෆීඩ් නිව්ස් (buzzfeed.com) පුවත් අායතනය එළිදරව් කර ගත්තේය. ලන්ඩනයේ ගාඩියන් (theguardian.com) පුවත්පත පළකල වාර්තාවලින් පෙන්වාදී තිබුණේ, අැමෙරිකානු දේශපාලන පුවත් පළකරන වෙබ් අඩවි 150ක් මැසිඩෝනියාවේ සිට ක්‍රියාත්මකවන බවයි.



මෙසේ ව්‍යාජ පුවත් පළ කිරීම නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමතර වාසියක් ලැබුණු බව බොහෝ දෙනා කියතත්, ෆේස්බුක් ප්‍රධානි මාක් සකර්බර්ග් එය එකහෙළා ප්‍රතික්ෂේප කරමින් සිටී. ගූගල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කීවේ, මෙය නොවිය යුතුව තිබූවක් බවය. දැන් පොදුවේ පිළිගන්නේ මෙය ෆේස්බුක්, ගූගල් සහ ට්විටර් සේවාවල ස්වරූපය නිසා සිදුවූ වරදක් ලෙසය. එය වැළැක්විය හැක්කේ ව්‍යාජ පුවත් සේවා හඳුනාගෙන එ්වා සමාජ ජාල වෙතින් ඉවත් කිරීමෙන් පමණක් බව දැන් ෆේස්බුක්, ගූගල් සහ ට්විටර් යන සමාගම්පෙන්වාදෙනවා. ව්‍යාඡ පුවත් පැතිරීම නිසා පුවතක වටිනාකම තීරණාත්මකව බලපාන අවස්ථාවක සමාජය නොමඟ යාහැකි බව පසුගිය අැමෙරිකානු ජනපතිවරණයේදී ඉස්මතු වුණි. ෆේස්බුක්, ගූගල් සහ ට්විටර් යන  සමාගම් මෙන්ම කන්සර්වේටිව් පාක්ෂිකයින්ද පිළිගන්නේ නැති වුවත්, ලිබරල් පාක්ෂිකයින් දැනටත් කියන්නේ රාජය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ඉහළ පරිචයක් අැති ජනාධිපතිවරියක් පත්කර ගැනීමේ එෙතිහාසික විරල අවස්ථාව අැමෙරිකානුවන්ට මඟ හැරැණේ සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් සංසරණය වූ නිසා බවයි.

අවසානයේ දී අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ බොරු දත්ත මවා දක්වමින් ෆේස්බුක් හරහා විවිධ මඩ ප්‍රචාර සිදුවූ බවත්, එය  තමාගේ පැත්තෙන් සිදුවූ වරදක් බවත් මාර්ක් සකබර්ග් පවා පිළිගත්තා. එම පුවත විදේස් පුවත්පතක මෙලසින් සදහන් වී තිබුණා. මාක් සකර්බර්ග් විසින් මේ සිද්ධිය තම ෆේස්බුක් ගිණුමේද සටහන්කර තිබෙනවා. එය පහතින් බලන්න.



එසේම අප රටේද යම් යම් දේශපාලන සිදුවීම් පදනම් කරගෙන මිනිසුන් නොමඟ යවන පුවත් මවා පෑම සඳහා ෆේස්බුක් පිටු බාවිතා කරනවා. එම පුවත් Facebook වෙත report කිරීම මගින් පුවත් මැවීම වෙනුවෙන් මුහුණුපොතෙන් එම ලිපිය ඉවත් කිරීමටත් අදාල ෆේස්බුක් පිටු තහනම් කිරීමටත් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන නීතිය අනුව ඔවුන් පියවරගනු ලබනවා.