Dec 27, 2016

Introducing HTC X10

http://www.aluth.com/2016/12/introducing-htc-x10.html
HTC සමාගම නව වසරේ හඳුන්වාදෙන X10 ස්මාර්ට් ෆෝන් එක.

2017 ජනවාරි මාසයේ  වෙළඳපොලට හඳුන්වාදෙන HTC සමාගමේ නවතම දුරකථනය HTC X10 ලෙස නම්කර තිබෙනවා.


අඟල් 5.5 ක තිරයකින් සමන්විත මෙහි නවතම corning gorilla glass තිර ආරක්ෂණයක් සහ මල්ටි ටච් පහසු කමින් යුතුව එළිදක්වයි. එසේම මෙය Android OS v6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වෙයි. මෙහි Mediatek MT6755 Helio P10 චිප්සෙට් එකක් සහ Octa-core (4×1.8 GHz Cortex-A53 හා 4×1.0 GHz Cortex-A53) ප්‍රොසෙසරයක් අන්තර්ගත වනු ඇත. මීට අමතරව 32GB ප්‍රමාණයේ අභ්‍යන්තර මතකයක් සහ 3GB ප්‍රමාණයේ ‍රැම් මතකයකින් මෙය සමන්විත වනු ඇති අතර Micro SD කාඩ් මගින් මෙහි බාහිර මතකය 256GB දක්වා ඉහළ දැමීමේ හැකියාව ලැබෙනු ඇත.

මීට අමතරව මෙහි සම්මත ස්මාර්ට් ෆෝන් කැමරා 13MP ප්‍රධාන කැමරාවක් සහ 8MP ද්වීතීයික කැමරාවක්ද අන්තර්ගත වනු ඇත. මෙහි Fingerprint scanner වැනි ඉහළ මට්ටමේ සංවේදකයන් දක්නට නොමැති අතර Accelerometer, Gyro, Proximity සහ Compass වැනි සාමාන්‍ය සෙන්සර පද්ධතියක් පමණක් අඩංගු වනු ඇති. මෙහි හඳුන්වාදීමේ නිල වීඩියෝවක් තවම නිකුත් වී නැති අතර ඡායාරූප කිහිපයක් නිකුත්වී ඇත.