Jan 20, 2017

Amazon starts Prime Air drone delivery

http://www.aluth.com/2017/01/amazon-starts-prime-air-drone-delivery.html
ඇණවුම් කළ භාණ්ඩ ඩ්‍රෝනා මඟින් නිවසටම ගෙන්වා ගන්න දැන් පුළුවන්.

අප මීට පෙර ඩ්‍රෝනා ගැන අසා තිබුණේ ගුවනින් ගොස් හමුදා කටයුතු සඳහා


ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ නැතහොත් යුද ගිනි ඇවිළුණු රටක සතුරු හමුදාවන්ට බෝම්බ හෙළීම පිළිබඳ ප්‍රවෘත්තිවලයි. ඉන් පසුව එම ඩ්‍රෝනා වලට කැමරා සවිකරගෙන ගොස් බල සීමාවේ ඡායාරූප ගුවනින් ගොස් ගැනීමටත් ඉන්පසුව සිනමාවට රූපවාහිනියට මෙන්ම මියුසික් වීඩියෝවලට අවශ්‍ය දර්ශන රූගත කිරීමටත් යොදා ගෙන, මෑත කාලයේ දී ලංකාවේ ප්‍රසිද්ධ මධ්‍ය අායතනයක් මධ්‍ය නීති කඩකරමින් නීතිවිරෝධී ලෙස තම බලය පෙන්වීමටත් යොදාගෙන තිබුණි. ලෝකයේ අංක එකේ E-Commerce වෙළෙන්දා වන Amazon.com වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන්ට භාණ්ඩ විකිණීමේ දී ඔවුන්ට අවශ්‍ය තැනටම ඒවා රැගෙනවිත් දීමේදීත් ලොව අන් සියල්ලටම වඩා ඉදිරියෙන් සිටින අතර ඔවුන් තම ඩිලිවරි සේවාව දිගින් දිගටම කාර්යක්‍ෂම කරමින් වර්තමානයේ ඇමසන් ප්‍රයිම් එයාර් (Amazon Prime Air) හඳුන්වා දෙමින්, දැන් පාරිභෝගිකයන්ට තම භාණ්ඩ ගුවනින් ගෙදරට ගෙන්වා ගැනීමේ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඇමසන් ප්‍රයිම් එයාර් ප්‍රථම ඩිලිවරි එක පසුගිය දිනෙක එංගලන්තයේ දී සිදුවු අතර, ඇණවුම් නැතහොත් ඕඩරය ක්ලික් කිරීමෙන් විනාඩියකට පසුව ඇණවුම් භාණ්ඩ පාරිභෝගිකයාගේ නිවසේ මිදුලටම ගුවනින් ගොස් ලබා දෙන්නට ඇමසන් කටයුතු කළේ ඩිලිවරි සේවයේ දැවැන්ත ඉදිරි පිම්මක් තබමින්. එම සිදුවීම පහතින් බලන්න.



 ඇමසන් සමාගමේ සීග්‍ර තාක්‍ෂණික දියුණුවක් නවෝත්පාදන ක්‍රමවේදයන්ගෙන් ඇති කරගෙන ඇති කාර්යක්‍ෂමතාව ලොව පුරා පාරිභෝගිකයන් අතර අසීමිත ජනප්‍රියත්වයක් ලක්කර ගෙන ඇති බවට හොඳම සාධකය ඇමසන් ප්‍රාරම්භකයා (Founder) සහ ප්‍රධානියා වන ජෙෆ් බෙසෝස් 2016දී කළ සංගණනය අනුව ලොව 04 වැනි ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රේණීගත වීමයි.

ඡායාරූප.