Jan 4, 2017

Best 4K TVs of 2016 in Sinhala

http://www.aluth.com/2017/01/best-4k-tvs-of-2016-in-sinhala.html මේ දක්වා පැමිණි හොදම 4K රූපවාහිනී 10.

දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයේ 2016 වසරේ නිර්මාණය කළ තාක්ෂණික මෙවලම් රාශියක් අතරින් වර්ශයේ හොදම 4K රූපවාහීනි යන්ත්‍ර 10

 පිළිබදව ඔබට මෙම ලිපියෙන් දැනගත හැක.


10. Panasonic DX750 range

මෙය 4K HDR ඡායාරූප සහිත රූපවාහිනියකි. අගල් 55, 58 ලෙස වෙළදපොලේ පවතී. සර්වප්‍රකාරයෙන්ම ගුණාත්මක බවින් ඉහල හොදා ඡායාරූප ලබාදීමට මෙයට හැකිය. එමෙන්ම මෙය Smart TV අතුරුමුහුණතක් ලබාදෙනවා.


09. Sony XD9305 series

Sony new Slim Back light තාක්ෂණය මෙය නිර්මාණය සදහා යොදාගෙන ඇත. මෙය ඉතාමත් ප්‍රසන්න පෙනුමක් ඇති 4K සහ HDR පින්තූර සහිතයි. අගල් 55, 65 ලෙස වෙළදපොලේ මෙම රූපවාහිනි පවතී. මෙය අධි විභේධනයෙන් යුක්ත LED රූපවාහිනියකි. මෙහි අගල් 55 මාදිලියේ මිල ඩොලර් 1500 ක් පමණ වෙනවා. 
 


08. Philips 65PUS7601

ඉතාමත් ප්‍රබල Back light පාලනයක් සහිත මෙම 4K රූපවාහිනිය වසරේ ඉතාමත් ජනප්‍රිය එකකි. මෙහි ඇති DCI-P3 වර්ණ පරාසය 76% පමණ වේ. එමෙන්ම ගුණාත්මක බවින් ඉතා විශිෂ්ට රූප ලබාදීමට සමත් වෙයි.




07. LG OLEDB6 Series

OLED තාක්ෂණය යොදාගෙන නිමවා ඇති මෙය වෙළදපොලේ අගල් 55, 65 ලෙස දක්නට ලැබේ. ගුණාත්මක බවින් යුතු ඉතා අලංකාර පින්තූර ලබා දෙයි. එමෙන්ම 3D Playback මෙයින් ඉවත් කර ඇත. මෙය ඔබට මිලදී ගැනීමෙදී අගල් 55 මාදිලිය සාමාන්‍යයෙන් ඩොලර් 1,800 ක් පමණ වෙනවා. අගල් 65 මාදිලිය ‍ඩොලර් 2,800 ක් පමණ වෙනවා.



06. Panasonic DX902 range

නවීන LCD තාක්ෂණය යොදාගෙන නිමවා ඇති මෙය වෙළදපොලේ අගල් 55, 65 ලෙස දක්නට ලැබේ. එමෙන්ම මේ සදහා 'honeycomb' LCD පුවරු තාක්ෂණයක් යොදාගෙන ඇත. මෙය ගුණාත්මත බවින් ඉහල පරාසයකින් යුතු ඡායාරූප ලබාදීමට සමත් වේ.


05. Samsung KS7000 range

මෙය අගල් 49, 55, 60 ලෙස වෙළදපොලේ ඇත.සර්වප්‍රකාරයෙන්ම ගුණාත්මක බවින් ඉහල හොද පින්තුර ලබාදීමට මෙය සමත් වේ. ඒ වගේම මෙහි 3D තාක්ෂණය දක්නට ලැබෙන්නේ නැත.මෙහි brightness, contrast, colour and resolution ඉහළ වේගවත් ක්‍රියාකාරීත්වයක් ඇත. මෙහි මිල ගණන් හා වැඩි විස්තර දැනගැනිමට මෙතනින් පිවිසෙන්න.




04. Panasonic DX802 range

4K HDR පින්තූර ලබාදීමට සමත් මෙම රූපවාහිනිය අගල් 50 සහ අගල් 58 ලෙස ප්‍රමාණ ඇත. රූපයේ පෙනෙන ආකාරයට මෙහි ආධාරකය තරමක් වෙනස් එකකි.ඇසට අපහසු නොවන අන්දමින් මෙහි ඇති ආධාරකය මගින් පහසුවෙන් තීරය ආනතව තබා ගැනීමට හැකිය. මිට අමතරව ඔබට මේ සදහා අමතර External sound bar එකක් හිමිවෙනවා. සාමාන්‍යයෙන් මෙය ඩොලර් 2000 කට ආසන්න වෙනවා.




03. Sony KD- 75XD9405

අගල් 75 ක් තරම් විශාල තිරයකින් සමන්විත මෙය ගෘහස්ථ රංග ශාලා සදහා යොදා ගැනිමට හැක. ගුණාත්මක බවින් ඉතා ඉහල රූප මෙමගින් ලබා දෙයි.ඉතාමත් වේගවත් පරාසයන්ගෙන් යුතු රූප සමබරව දර්ශනය කිරීමට හැකිය. මෙය නිර්මාණය සදහා Sony's Triluminos wide colour තාක්ෂණය යොදාගෙන ඇත.




02. LG OLEDE6 Series

මෙහි අගල් 55, 65 ලෙස මාදිලි 2 ක් හදුනා ගන්න පුළුවන්. OLED රූපවාහිනි තාක්ෂණය යොදාගෙන නිමවා ඇති මෙය ඉතාමත් තුනී ලෙස නිර්මාණය කර ඇත. ගුණාත්මක බවින් ඉහළ රූප ලබාදීමට ඉතාමත් හොද රූපවාහිනියක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.




01. Samsung KS9500 range

මෙය 4K HDR ඡායාරූප සහිත රූපවාහිනියකි. අගල් 55, 58 ලෙස වෙළදපොලේ පවතී. සර්වප්‍රකාරයෙන්ම ගුණාත්මක බවින් ඉතා ඉහල ඡායාරූප ලබාදීමට මෙයට හැකිය. එමෙන්ම මෙය Smart TV අතුරුමුහුණතක් ලබාදෙනවා.