Jan 3, 2017

Introducing Huawei Honor Magic

http://www.aluth.com/2017/01/introducing-huwavi-honor-magic.html
අයිතිකරුට හැර කිසිවෙකුට Notification නොපෙන්වන Honor Magic.

මෙම අපූරු ස්මාර්ට් දුරකතනය එළිදැක්වූයේ පසුගිය සතියේ හුවාවෙයි සමාගම මගිනුයි. අනාගතයෙන් පැමිණෙන

දුරකතනයක් විදිහට හඳුන්වා දෙන මෙය නමින් Honor Magic ලෙස නම් කර තිබෙනවා. මෙය බැලූබැල්මට අපූරු නිමාවකින් සහ නවතම හැඩයකින් යුක්තයි. මෙහි අන්තර්ගතය ලෙස අඟල් 5ක Amoled Display එකක්, 12MP ද්විත්ව පසුපස කැමරාවක්, 8MP ක ඉදිරිපස කැමරාවක්, Huawei Kirin 950 ප්‍රොසෙසරයක්, 2900 mAh බැටරියක් වගේම 64 GB මතකයක් සහ 4 GB Ram අන්තර්ගත වෙනවා. මෙම දුරකතනය Golden black සහ Porcelain White කියන වර්ණ දෙකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ දුරකතනයේ Finger Print එකක්ද අන්තර්ගතයි. මෙය රුපියල් 76,000 වගේ මිළකට ලංකාවට හඳුන්වා දී තිබෙනවා. බලන්න හඳුන්වාදීමේ වීඩියෝවක් පහතින්.



දුරකතනයේ අඩංගු වන Wise screen කියන තාක්‍ෂණය දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව සංවේදක වගේම IR සංවේදකය උපයෝගී කරගෙන දුරකතනය අතදරා සිටින පුද්ගලයාගේ අත් සහ දෑත් හඳුනා ගැනීමට ලක් කරනවා. ඒ වගේම මෙහි අඩංගු Face-code Intelligent Recognition ද කියන පහසුකම මඟින් දුරකතනය අතදරා සිටින පුද්ගලයා අනුව දුරකතන තිරයේ දිස්විය යුතු Notification පිළිබඳ තීරණය කරනවා. ඒ කියන්නේ ඔබ කවුරුන් හෝ සමඟ පණිවුඩ හුවමාරු කරමින් සිටින අවස්ථාවක වෙනත් කෙනෙකුට ඔබේ දුරකතනය හසුවුවහොත් Face-code Intelligent Recognition පහසුකම නිසා අදාළ පණිවිඩ ලැබීමේ Notification කිසිවක් දැකගන්නට ලැබෙන්නේ ඒවගේම මෙය Android 6.0 මෙහෙයුම් පද්ධතිය මඟින් බලගැන්වේ.

ඡායාරූප කිහිපයක්.