Mar 10, 2017

Introducing Buddhanussathi App

http://www.aluth.com/2017/03/introducing-buddhanussathi-app.html
බුද්ධානුස්සති භාවනාව සඳහා වටිනා ඇප් එකක්.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීම එනම්, බුද්ධානුස්සති භාවනාව, නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතුවන බවයි.

මෙම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සදහා
මනා පිටිවහලක් වනු ඇත. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී පහත දැක්වෙන ආනිශංස ලබාගත හැකිවෙයි. එනම්, 
  1. ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත්වීම.
  2. භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත්වීම.
  3. භාවනා ප්‍රීතිය බහුලවීම.
  4. මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදුරජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇතිවීම.
  5. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම.
  6. ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇතිවීම.
  7. ධ්‍යානයට පූර්වභාග සැපය ඇතිවීම.
  8. අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකිය. සිහි නුවණින් දිරිමත්ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියටම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන්ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත්වෙයි. එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාදව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.


බුදුගුණ භාවනාවේ ( බුද්ධානුස්සති භාවනාවේ ) අනුසස්.
  • සතර අපායට පත් නොවීම.
  • නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම.
  • සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම.
  • නිහතමානී ගති පැවතුම් ඇතිවීම.
  • ලෝකයාට ප්‍රියමනාප වීම.
  • බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම.
  • දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම.
  • අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම.
  • තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම.
  • භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම.
  • පාපයට ලැජ්ජ භය වීම.
  • අධි කුසලයට සිත නැඹුරු වීම.
  • අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම.
  • ගුණ, නුවණින් පිරිපුන් වීම.
  • පිටසක්වල නූපදීම.
  • අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම.
  • උන්මන්තක නොවීම.
  • මිසිදිටු නොගැන්වීම.
  • මරණයට නොබියව මුහුණදීම.
  • මුහුණෙ වර්ණය පැහැපත්වීම.
  • වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම.
  • බුදුබව පවා පැතීමට සිත නැමීම.
  • තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.
  • යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම.
  • එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම.
  • තම සිතුම් පැතුම් එලෙසම ඉටුවීම.
  • ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.
  • සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම.
  • සම්මා දිට්ඨියෙහි පිහිටීම.
  • යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම.
  • ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම.
  • ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම.
  • මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම.
  • සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම.
  • නපුරු සිහින නොපෙනීම.
  • භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම.

App Screenshot.

මෙතනින් පිවිස ඇප් එක බාගන්න.


Technical Details

  • App Name : Buddhanussathi
  • Requirements : Android 4.0 & up
  • License : Free
  • Publisher Contact : wasura.ediri@gmail.com