Jan 18, 2018

A/L ICT Papers PDF Book - Sinhalese Medium

පිටු 147 A/L ICT ප්‍රශ්නෝත්තර PDF පොත.

සමස්ථයක් වශයෙන් ලංකාවේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ ප‍්‍රතිඵල වැඩි කිරීමේ අරමුණින්, විෂය උගන්වන

ගුරුවරුන් කණ්ඩායමකගේ සාමූහික උත්සහයේ ප‍්‍රතිඵලයක් හැටියට මෙම පොත එළිදක්වන්නට හැකි වුණි. අප රට තුළ කිනම් හෝ පාසල් විෂයයක් සඳහා එම විෂය උගන්වන ගුරුවරුන් කණ්ඩායමක් එකතු වී, නොමිලේ බෙදාහැරීම සඳහා සම්පාදිත ප‍්‍රථම ප‍්‍රශ්න පත‍්‍ර සංග‍්‍රහය මෙය විය යුතුය.


බොහෝ දේ මුදලට සීමා වී ඇති මේ යුගයේ, පාසල් මෙන්ම උපකාරක පංති පවත්වන ගුරුවරුන් කණ්ඩායමක් එකතු වී සම්පාදිත මෙම ග‍්‍රන්ථයෙන් කිසිදු ආර්ථික ලාභයක් බලාපොරොත්තු නොවීම විශේෂත්වයයි. ඒ අනුව මින් බලාපොරොත්තු වෙන එකම ලාභය නම් පසුගිය වසරට වඩා වැඩි සමස්ථ ප‍්‍රතිඵලයක්, එන අගෝස්තුවේ පැවැත්වෙන උසස් පෙළ විභාගයේදී දරුවන්ට ලබාදීමයි.


ස්තූතිය 🌺

තමන්ගේ වටිනා කාලය මෙන්ම ශ‍්‍රමය වැය කරමින් මෙවැනි යහපත් කාර්යයක් සාර්ථකව කර ගැනීම සඳහා දායකත්වය සැපයූ ගුරුමණ්ඩලයට සහ ICT Teachers of Sri Lanka සමූහයට මෙන්ම දිරිමත් කළ සියලූ දෙනාට.

🖊 ප‍්‍රශ්න පත‍්‍ර සම්පාදනය කළේ,
  • කිෂාන් අජන්ත රාජමන්ත‍්‍රී
  • මහේෂ් කොඩිතුවක්කු
  • අරුණ හේරත්
  • ඩබ්ලිව්.ටී.ඞී විතාන
  • එල්.ඒ. චමිල්කා විජේදාස
  • සංක එස් හේවගේ
  • ඩබ්.එම්.එස්.ජේ. වලිසුන්දර

මෙතනින් පිවිස බාගතකරගන්න.