Oct 16, 2016

Dengue and Zika prevention App

http://www.aluth.com/2016/10/dengue-and-zika-prevention-app.html
ඩෙංගු සහ සීකා මර්ධනයට ජාත්‍යන්තර මට්ටමේ අැප් එකක් ලංකාවෙන්.

ඩෙංගු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ. මොකද අපි දැනටමත් මේ මාරාන්තික වසංගතයට ගොදුරැ වී හමාරයි.


සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් සිදුකළ පරීක්ෂණ වලට අනූව නිශ්චිත වශයෙන්ම ඩෙංගු රෝගයට 2016 වසරේ පමණක් 43,000 වැඩි පිරිසක් ගොදුරැ වී තිබෙන අතර ඩෙංගු  වැළදීම නිසා 60 වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. සීකා ගැන නම් ලංකාවේ වැඩි පිරිසක් දැනුවත් නැ. තාම ලංකාවෙන් නම් සීකා වෙෙරසයට ගොදුරැ වූවන් වාර්තා වී නැ. නමුත් වැදගත්ම දේ තමයි ඩෙංගු සහ සීකා කියන වෙෙරස දෙකම ව්‍යාප්ත කරන්නේ ඊඩිස් ඊජිප්ටයි නම් මදුරු විශේෂයක් වීම. බැරිවෙලාවත් ලංකාවටත් සීකා වෙෙරසය අැතුළු වුනා කියන්නේ වෙෙරසය ව්‍යාප්ත කරන්න මඳුරැවන් ඉන්නවා කියන එක.

සීකා වෙෙරසය ගැන කියනවා නම් ඩෙංගු තරම්ම මාරාන්තික රෝගයක් නෙමෙයි. හැබැයි සීකා වෙෙරසය සහිත මදුරැවෙක් දෂ්ඨ කළ ගැහැණියකට අලුත උපදින දරැවාට මේ දේ තදින්ම බලපානවා. එ් කියන්නේ උපදින දරැවාගේ හිස කුඩා වීම, අැස් නොපෙනීම සහ කන් අැහෙන්නැති වීම වගේ ශරීරික දුබලතා රැසකට අනීවාර්යෙන්ම ගොදුරැ වෙනවා. සීකා වෙෙරසය ගැන කෙටියෙන් තමයි මේ කිව්වේ.දැන් බලමු මොකක්ද මේ අැප් එක කියලා. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. ඔබගේ ගෙදර අවට අසල්වැසියෙක්ට ඩෙංගු හැදුන කියලා. එහෙම උනා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාටත් ඩෙංගු අවදානමක් තියනවා කියන එකනේ. මේ අැප් එකෙන් කරන්නේ අැප් එක පාවිචිච් කරන කෙනාට පුළුවන් එයා නිතර ගැවෙසෙන තැන් එ් කියන්නේ ගෙදර, රැකියා ස්ථානය, විශ්ව විද්‍යාලය, පාසල හෝ පන්ති වගේ ඔිනම තැනක් අැප් එකේ ලකුණු කරලා තියන්න.


බලන්න ස්ක්‍රින්ශොට් එකක්



එතකොට ඔබ එ් අවට ගැවසෙනකොට එ් අවට කාට හරි ඩෙංගු හැදිලා කියලා රිපොට් වෙලා තිබුණා නම් ඔයාට notifications එකක් එනවා මෙන්න මේ දවස් වල මෙචිචරකට ඩෙංගු හැදිලා කියලා රිපොට් වෙලා තියෙනවා එ් නිසා මේ ප්‍රදේශය අවදානම් කියලා. ඊට අමතරව මේ අැප් එකේන් පුළුවන් ඔයා දන්න කෙනෙක්ට ඩෙංගු වැළදිලා තියෙනවානම්  ඔයාට පුළුවන් අැප් එකේන් රිපොට් කරන්න මෙහෙම කෙනෙක්ට ඩෙංගු වැළදිලා තියෙනවා. එ් වගේම ඔයාට පුළුවන් එ් තැන අැප් එකේ මාක් කරන්න. එතකොට අැප් එක මඟින් දැනුවත් කරනවා එ් ප්‍රදේශයේ ඩෙංගු වාර්තාවක් වෙලා තියෙනවා. අැප් එකේන් කරන්නේ ඩෙංගු අවධානම ගැන දැනුවත් කරලා මර්ධනය කරන්න පිළියමක් ගන්න එකයි. මෙතනින් පිවිස අැප් එක බාගන්න. ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් iOS සදහා මෙය සහාය දක්වයි.