Dec 4, 2016

Torrent Download Sinhala Guide

http://www.aluth.com/2016/12/torrent-download-sinhala-guide.html
අාරක්ෂිතව හා නිවැරදිව ටොරන්ට් ගොනු ඩවුන්ලෝඩ් කරන අයුරු මුලසිටම ඉගෙනගමු.

ටොරන්ට් තාක්ෂණය මෑත කාලීනව කතා බහට ලක්වූ ප්‍රධාන තාක්ෂණික වචණයකි. එයට හේතුව

නීත්‍යානුකූල නොවන ලොව ජනප්‍රිය ටොරන්ට් වෙබ් අඩවි කිහිපයක්ම තහනම් කිරීමයි. කෙසේ වෙතත් මෙය ලොව ජනප්‍රියම ඩවුන්ලෝඩ් ක්‍රමයක් බැවින් ටොරන්ට් තාක්ෂණය නැවැත්වීමට නොහැකියි. අපේ රටේද බොහෝ දෙනා ෆිල්ම්, ගේම්ස්, මෘදුකාංග වැනි දත්ත බාගත කරගැනීමට ටොරන්ට් බාවිතා කරනවා.

ටොරන්ට් ෆයිල් ෂෙයාරිං ක්‍රමයේදී භාවිත වෙන්නේ පියර් ටු පියර් (peer-to-peer) තාක්ෂණයයි. එනම් එක් පරිගණකයකින් අප්ලෝඩ් කරනු ලබන ෆයිල් එකක් එ් මොහොතේම තවත් පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගැනීමේ ක්‍රමයයි. ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් ෆයිල් එක එම මොහොතේ තිබෙන්නේ අන්තර්ජාලයට සම්බන්ධ සර්වර් එකක් තුළ නොවේ. එය තිබෙන්නේ ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් හෝ ඩවුන්ලෝඩ් කරමින් සිටින පරිගණකයකයි.
  • කොහොමද ටොරන්ට් ගොනු ක්‍රියාත්මක වෙන්නේ ?
          දැනටමත් යම් ටොරන්ට් ෆයිල් එකක් සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන, එය අන් අයටත් ඩවුන්ලෝඩ් කරගත හැකිසේ බිට් ටොරන්ට් වැනි ටොරන්ට් ක්ලියන්ට් වැඩසටහනක් හරහා විවෘත කරද්දී තිබෙන පරිගණක 'සීඩර්ස් (seeders)' ලෙස හඳුන්වයි. එතැනින් එම ෆයිල් එක දැනට මත් ඩවුන්ලෝඩ් කරමින් තිබෙන පරිගණක 'පියර්ස් (peers)' ලෙස හඳුන්වයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන අැතිමුත් එය අන්අය වෙනුවෙන් ලබාදී නැති පරිගණක ලීචස් (leeches) ලෙස හඳුන්වයි.

peer to peer තාක්ෂණය ක්‍රියාත්මක වෙන අයුරු.


යම් පරිිගණකයක් හරහා අලුතින්ම ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන විිට මෙම සීඩර්ස් පරිගණක වෙතින් මෙන්ම පියර්ස් පරිගණක වෙතින්ද ටොරන්ට් ෆයිල් කොටස් ලැබේ. එනම් දැන් අලුුතින් එක්වූ පරිගණකයද පියර් පරිිගණකයක් බවට පත් වෙයි. මෙය දිගින් දිගටම සිදු වන විට යම් ටොරන්ට් ෆයිල් එකක් වටා පරිගණක ගණනාවක් රැස්ව තිබෙනවා වගේම ටොරන්ට් ෆයිල් එක හරහා නන්නාදුනන අයගේ පරිිගණක ගණනාවක් එකිනෙක හා සම්බන්ධවීයයි.


ටොරන්ට් වල අැති වාසි සහ අවාසි.

          යම් වැඩසටහනක් හෝ  මීඩියා ෆයිල් එකක් හෝ වෙනත් ෆයිල් එකක් හෝ ටොරන්ට් ෆයිල් එකක්සේ ඩවුන්ලෝඩ් කරගැනීමේ වාසි මෙන්ම අවාසිද තිබේ. වාසිය නම් දේශසීමා බාධා නැතිව, ෆයිල් තුළ තිබෙන්නේ මොනවාද යන්නත් හෙලිදරව් නොවී, ෆයිල් ඩවුන්ලෝඩ් කරගැනීමට පුළුවන්වීමයි. එසේම මෙය භාවිතයට ඉතාපහසු සහ සරල ක්‍රමයකි. ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම නරක දෙයක් වෙන්නේ බුද්ධිමය දේපළ නීති උල්ලංඝනය කර ලබාගත් පරිිගණක වැඩසටහන්, චිත්‍රපට, ගීත අැල්බම යනාදිය එ්වායේ තිබිය හැකි බැවිනි. එනිසා නීතියට අදාළ සහ සදාචාරාත්මක වශයෙන් උචිතදේ අැති ටොරන්ට් ෆයිල් තෝරා බේරාගෙන ඩවුන්ලෝඩ් කරගත යුතුය.

අාරක්ෂිතව ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්නා අයුරු.

          ටොරන්ට් ෆයිල් වශයෙන් යමක් ඩවුන්ලෝඩ් කිරීම නිසා උද්ගත විය හැකි අනතුරුදායක තත්වය වන්නේ පරිගණකයේ පැවැත්මට හානිකර වැඩසටහන් හෙවත් මැල්වෙයා වැඩසටහන් ටොරන්ට් ෆයිල් සමඟ පරිගණක වෙත පැමිණීමයි. මෙනිසා එ් ගැන අවධානය අැතිව ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගත යුතුය. එ් සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ගණනාවක් වෙයි. ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන පරිගණකයේ නියම අාකාරයට අප්ඩේට් කරමින් තිබෙන වයිරස් ගාඩ් එකක් තිබිය යුතුය. අද තිබෙන වයිරස් ගාඩ් වැඩසටහන් සියල්ලක්ම පාහේ නිතිපතා අන්තර්ජාලය හරහා ඉබේම අප්ඩේට් වෙන එ්වාය. එසේ අප්ඩේට් වීමට අැති ගුණාංගය අක්‍රියකර තැබිය හැකි වුවත්, ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නේ නම් එය නොකළ යුත්තකි.

ෆයර්වෝල් සක්‍රිය කිරීම.

          ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමේදී තමන්ගේ අයිපී ලිපිනය (IP Address) බොහෝ පිරිසකට නිරාවරණය විමට පුළුවන. මේ නිසා අැතිවිිය හැකි අවදානමෙන් මිදීමට පරිගණකයේ ෆයර්වෝල් එකක් සක්‍රියකර තැබීම හොඳය. හොඳම ක්‍රමය වන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල අැති වින්ඩෝස් ෆයර්වෝල් යූටිලිටිය සක්‍රිය කිරීමයි.

සීඩ්ස් වැඩි  ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්නා අයුරු.


          යම් ටොරන්ට් ෆයිල් එකක වයිරස් හෝ වෙනත් මැල්වෙයා වැඩසටහනක් තිබේ නම් කිසිවෙක් එය තම පරිගණකයේ රඳවා තබා ගන්නේ නැත. එනම් එහි සීඩර් ගණනාවක් නැත. අනෙක් අතට යම් ෆයිල් එකක් සීඩර් එකක් වශයෙන් තිිබෙනවා යන්නෙන් පෙනී යන්නේ කෙටි කාලයක් එය පරිගණකයක රැඳී තිබෙනවා යන්න නොවේ. එය කාලාන්තරයක් තිස්සේ ෂෙයාර් වන බවයි. එනම් එහිි වයිරස් අැත්නම් එ් බව හඳුනා ගන්නට බොහෝ ඉඩ අැති බවයි. එනිසා සීඩර් ගණනාවක් නැති හෝ පියර්ස් සහ ලීචර් පමණක් අැති හෝ ටොරන්ට් ෆයිල් වෙතොත් ඒවා ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් වැලකී සිටිම හොඳ පුරැද්දකි. ටොරන්ට් සර්ච් එන්ජිමක් හරහා යම් ටොරන්ට් ෆයිල් එකක් සොයා ගත් විට එහි පෙන්වන සීඩ් ටොරන්ට් ෆයිල් එකක් සොයා ගත් විට එරන්හි පෙන්වන සීඩ් ගණන සැබැවින්ම ක්‍රියාත්මක නොවේ. සැබෑ සීඩර්ස් පෙනෙන්නේ ටොරන්ට් ෆයිල් එක ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් හරහා ඩවුන්ලෝඩ් කරන්නට යෙදවූ විටය. ඩවුන්ලෝඩ් කරන්නට තෝරා ගත යුත්තේ මෙවිට අඩුම තරමිින් සීඩර්ස් 10ක් වත් අැති ටොරන්ට් ෆයිල් එකකි. ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනෙන් පෙන්වන  සක්‍රිය සීඩර්ස් වුවත් සෑම විටම ක්‍රියාත්මක නොවේ.

          රාත්‍රී කාලයේදී හෝ කාර්යාල වේලාවලින් පසුව පරිගණක off කර තබන බැවිනි. විවිධ රටවල මෙම වේලාව වෙනස් නිසා සක්‍රිය සීඩර්ස් ගණන යනු අහඹු අගයකි. සාමාන්‍යයෙන් ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන් වලදී යන්නෙහි වරහන් තුළ පෙන්වන්නේ එම ටොරන්ට් ෆයිල් එක ෂෙයාර් කරමින් සිටින සම්පූර්ණ සීඩර්ස් ගණනයි. එ් අතරින් දැනට අන්තර්ජාලය හා සම්බන්ධකර අැති පරිගණක ගණන හෙවත් අැක්ටිව් සීඩර්ස් වරහනෙන් පිටත අති අගයෙන් පෙන්වයි.යම් ටොරන්ට් එකක් දින ගණනක් තිස්සේ ඩවුන්ලෝඩ් කරමින් සිටින්නේ නම් එවිට වැඩිම සීඩර්ස් ගණනක් අැති වේලාව හඳුනාගන්නට පුළුවන්. එවිට එ් වේලාවට ඩවුන්ලෝඩ් කිරීම අැරඹිය යුතුය.

          මෙසේ හඳුනාගත් සක්‍රිය වේලාවේදීත් යම් ටොරන්ට් ෆයිල් එකක් එහි කලින් තිබූ අැක්ටිව් සීඩර්ස් ගණන දිගින් දිගටම නොපෙන්වයි නම් හෝ සීඩර්ස් ගණන අඩු වෙමින් යන්නේ නම් හෝ ඉන් පෙන්වන්නේ නරකයි. එනම් මෙම ටොරන්ට් ෆයිල් එක වයිරස් අැති හෝ දෝෂ පෙන්වන හෝ (unhealthy) එකකි. වහාම එය ටොරන්ට් වැඩසටහනෙන් ඉවත් කළ යුතු මෙන්ම දැනටමත් ඩවුන්ලෝඩ් වූ ෆයිල් පරිගණකයෙන් ඉවත් කළ යුතුය. එසේම වයිරස් ගාඩ් වැඩසටහන ක්‍රියාත්මක කරවා පරිගණකය සම්පූර්ණයෙන්ම ස්කෑන්කර පිිරිසිදු කරගත යුතුය.

ටොරන්ට් වෙබ් අඩවියේ අැති කමෙන්ට් කියවීම.

          ටොරන්ට් සර්ච් එන්ජින්වලින් සොයා ගන්නා ටොරන්ට් ඩවුන්ලෝඩ් කර ගත හැකි සේ තබා අැති පිටුවේදී එම ටොරන්ට් ගැන අදහස් හෙවත් කමෙන්ට් දැක්විය හැකිය. එසේම එම ටොරන්ට් එක ගැන වෙනත් අය දැක්වූ අදහස්ද මෙහි වෙයි. මේවා විමසා බලා එම ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට සුදුසු එකක් (Healthy) දැයි යන්න ගැන අදහසක් ලබාගන්නට පුළුවන. සාමාන්‍යයෙන් වයිරස් සහිත ටොරන්ට් සකසා එක් කරන්නන් එම ටොරන්ට් ෆයිල් එකෙහි ගුණ වැයීම පිණිස ස්වයංක්‍රීය වැඩසටහන් සකසයි.

          යම් නියමිත කාල පරාසයකට අනුව ඒවා මඟින් ටොරන්ට් ෆයිල් එකෙහි විවිධ හොඳ කියයි. ඒනිසා කමෙන්ට් යොදා අැති දිනවකවානු සීරුවෙන් විමසා බැලිය යුතුය. ඒවායේ යම් රටාවක් තිබේ නම් එම කමෙන්ට් සැබෑ පුද්ගලයින් විසින් තබන ලද ඒවා නොවේ. එනිසා එවැනි ටොරන්ට්  ඩවුන්ලෝඩ් නොකළ යුතුය. සැබෑ පුද්ගලයින් විසින් තබන ලද කමෙන්ට් අහඹු කාල වකවානු නැතිව පළකර අැත්තාක් සේම ඒවාම පිළිතුරු සහ ප්‍රතිපිළිතුරුදී ලියූ සංවාද වෙයි. එනම් සැබෑ පුද්ගලයින් විසින් මෙම ටොරන්ට් ෆයිල් එකෙහි අැති ගුණ දොස් විචාරයි. ඒවා කියවා බැලූ විට මෙම ටොරන්ට් එක කාලයක් තිස්සේ බොහෝදෙනා විසින් ඩවුන්ලෝඩ් කරගන්නා ලද හොඳ එකක් දැයි යන්න ගැන තක්සේරුවකට එළඹීය හැක.

ටොරන්ට් හා සැබැඳි අනෙකුත් ලිපි.

මේ වගේ වටිනා කරැණු ඔයාලට කියලා දෙන අලුත් සමඟ එකතු වන්න දකුණුපස පහත Follow මත click කර Google මගින් එකතු වෙන්න.