Jan 28, 2017

Checks before You Buy a Used iPhone

http://www.aluth.com/2017/01/checks-before-you-buy-used-iphone.htmlඇපල් අයිෆෝන් එකක් ගන්න කලින් මේ ලිපියත් කියවලාම ගන්න.

ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන ඇපල් සමාගමේ අයිෆෝන් වලට වෙළදපොලේ ඇත්තේ තරමක් ඉහල අගයක්.

ඒ ඇපල් ෆෝන් එකේ තිබෙන ඉහල ගුණාත්මක ලක්ෂණ හේතුවෙනි. ඉතින් අපේ රටේ ගොඩක් දෙනා ඇපල් අයිෆෝන් මිලදී ගන්නේ තවත් කෙනෙක් විසින් බාවිතා කරපු, නැතිනම් රටින් ගෙනාපු ෆෝන් එකක් වෙන්න පුලුවන්. ඔබ ඇපල් ෆෝන් එකක් මිලදී ගන්නට ප්‍රතමයෙන් මේ ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. iPhone එකක් ගත්තම apple සමාගමෙන් ඒකට මොඩල්ස් කීපයක් ගහනවා.

උදා.
iphone 5
A1428
A1429


iphone 5s
A1533
A1453
A1457
A1528
A1530
A1518


මෙහෙම මොඩල්ස් කීපයක් ගහන්න හේතුව තමයි එක එක රටවල් වල frequency එකකට එකක් වෙනස් වෙන නිසා. ඒ ඒ කලාප වලට වෙනම මොඩල්ස් හදනවා. ඉතිං මේ විදිහට තියන මොඩල් වලින් සමහරක් ලංකාවට 3G & 4G සපෝට් කරන්නේ නෑ. (හැම එකකම 2G සපෝට් කරනවා. 2G තියාගෙන වැඩක් නෑ නේ. මේ කියන්නේ CDMA iphone ගැන නෙවේ. ) දැනට මෙහෙම ලංකාවේ 3G & 4G සපෝට් කරන්නේ නැති iphone
මොඩල් 4ක් තියනවා.

01) iPhone 5 - A1428

මේක ලංකාවේ Dialog හෝ Mobitel 4G සපෝට් කරන්නේ නෑ. හේතුව මේ දෙගොල්ලගේම 4G signal frequency එක 1800Mhz. ඒත් මේ ෆෝන් එකේ තියෙන්නේ 1700Mhz වලට හරියන චිප් එකක්. 2G & 3G කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.

02) iPhone 5c - A1526 - මේකත් පෙරසේම 4G වැඩ නැත.

03) iPhone 5s - A1528 - මේකත් එමමයි
4G වැඩ නැත.

04) iPhone 6s plus - A1690


මේක කිසිම 3G frequency එකක් සපෝට් කරන්නේ නෑ. ඒකියන්නේ airtel , dialog , mobitel , etisalat , hutch මේ කිසිම එකක 3G වැඩ කරන්නේ නෑ. එ උනාට කිසිම අවුලක් නැතුව 2G & 4G වැඩ කරනවා.
iPhone එකේ මොඩල් නම්බර් එක බලාගන්න පුලුවන් ෆෝන් එක පිටිපස්සේ ගහලා තියනවා. හැබැයි අමතක කරන්න එපා. casing එක මාරු කරන්න පුලුවන් මොඩල් නම්බර් එක වෙන එකක් තියන එකකට. ඒකට ලේසිම වැඩේ www.imei.info මේ site එකට imei එක ගහලා ඇත්ත මොඩල් නම්බර් එක බලාගන්න. හැබැයි ෆෝන් එකේ පිටුපස කවර් එක මාරු කරලා නම් මේ විස්තර බලන එක වැරදි වෙන්න පුලුවන්. ඒ නිසා කලින් බාවිතා කරපු කෙනාගෙන් ඒ බව අහලා දැනගන්න පුලුවන්.

මෙහි සදහන් නොවන අනෙකුත් අයිෆෝන් සදහා මෙම කරුණු අදාල නොවේ. ඒ වගේම කියන්න ඕනේ මේ කාරණය එක් අ‍ංශයක් විතරයි. තවත් බලන්න ඕනෙ කරුණු ගොඩක් තිබෙනවා. ඒ ගැනත් අපි ඉදිරියේදි දැනුවත් කරන්නම්. අයික්ලවුඩ් ලොක් ෆෝන් එකක්ද කියලා දැනගන්න බලන්න මෙතනින් ලිපිය.

Info. by Pradeep Lakmal