Jan 5, 2018

Thunsarana Kavi App

ශ්‍රී පාදය වන්දනා කරන බැතිමතුන් හට වටිනා ඇප් එකක්.

ශ්‍රි පාදය වන්දනා කරනකොට කියන තුන්සරණ කවි ඇතුලත් කරලා ඇප් ඵකක් අප හදුන්වාදෙනවා. මේ ඇප් ඵක සම්පූර්ණයෙන්ම නොමිලේ

Play Store ඵකෙන් ගන්න පුලුවන් විදිහට දාලා තියෙන්නේ, ඵ් වගේම කිසිම වෙළඳ දැන්වීමක් මෙහි ඇතුලත් කරලා නැහැ. මෙය සම්පූර්ණයෙන්ම පිංතකා කරන වැඩක්. බලන්න තිර ඡායාරූපයක්.


මෙම ඇප් එක නිර්මාණයකලේ සමීර ප්‍රේමතුංගයි. ඔහු මෙය නිර්මාණය සිදු කිරීමට පාදකදුන් කතාව මෙසේය.

"ගිය අවුරුද්දේ යාලුවොත් ඵක්ක ශ්‍රි පාදය වන්දනා කරන්න යනකොට, මේ තුන්සරණ කවි දන්නේ නැති නිසා අනෙක් නඩ වල අය කියන කැලි අහගෙන තමයි කිව්වේ, ඉතින් අපි තුන් සරණේ පිහිටෙන් කරදයක් නැතුව ශ්‍රි පාදය වන්දනා කරගෙන ඵනකොට, සිඬාලේප ආයතනයෙන් පුරාණ තුන් සරණය කියලා පංචි පොත් පිංචක් බෙදනවා දැක්කා. යනකොට තිබ්බනම් හරිම වටිනවා, ඵ්ත් ඵනකොට තමයි මම මේක දැක්කේ. 😭

ඉතින් මමත් තුන්සරණ පොත් පිංචක් අරගෙන ආවේ, මේක ඇප් ඵකක් හැටියට හැදුවා නම්, තුන්සරණ නොදන්න, අපේ යහළුවන් හට පහසුවෙන් ෆෝන් ඵක බලාගෙන තුන්සරණ කිය කියා ශ්‍රි පාදය වන්දනා කරන්න පුලුවන්නේ කියන අඳහසක් හිතේ තියාගෙන. 🤔

ආපු ගමන් ඇප් ඵකේ වැඩ පටන් ගත්තත්, ශ්‍රි පාද වන්දනා කාලය (season) අවසන් වුන නිසා ඇප් ඵකේ වැඩ කටයුතු ටිකක් පස්සට දාලයි තිබුනේ. ඔන්න ඉතින් මේ පාර ශ්‍රි පාද වන්දනා සමය පැමිණි බැවින් ඇප් එක නිර්මාණය සිදුකලා. මෙහි කිසිම වෙලඳ දැන්වීමක් (ad banner) ප්‍රදර්ශනය වෙන්නෙත් නෑ.😘

විශේෂයෙන්ම කියන්න ඕන, මේ ඇප් ඵක සිංහල ඇති, නැති, ඕනම ඇන්ඩ්‍රොයිඩි පොන් ඵකක සිංහල පේන විදිහට තමයි හදලා තියෙන්නේ, ඵ් වගේම Android 4.1 (JELLY_BEAN) සහ ඉන් ඉහල ඕනැම ඇන්ඩ්‍රොයිඩි සංස්කරණයකට මේ ඇප් ඵක සහය දක්වනවා වගේම අන්තර්ජාලය අවශ්‍ය වෙන්නෙත් නෑ! 😍

ඇප් ඵකේ ප්‍රමාණය (Size) ඵක ගැන මම වඩාත් සැලකිලිමත් වුනා, ඉතින් ඵ්කේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇප් ඵකේ ප්‍රමාණය (Size : 1.27 MB) වගේ කරගන්න පුලුවන් වුනේ. 

ඉතින් ඔයාලත් මේ පාර ශ්‍රි පාදේ වන්දනා කරන්න යනවනම්, නැත්තං ඔයාලගේ යාලුවෙක්, නෑදැයෙක්, හිතවතෙක් හරි යනවනම්, ඵ් අයට මේ තුන් සරණ ඇප් ඵක ගැන කියලා, පොන් ඵකට දාලා දෙන්න, ඵ් වගේම මේ ඇප් බෙදා හරින්න, ඔයාලටත් ඇප් ඵක යාලුවන්ට share කරලා මේ මහගු පිංකමට දායක වෙන්න පුලුවන්. ✊

ශ්‍රි පාද වන්දනාවේ යන විට ඉතා පුරාණයේ සිට පැවතගෙන ආ තුන් සරණ කවි අද වනවිට අමතකව වී ඵ් සඳහා වෙනත් සංගීත ගායනයට පුරුදුවී ඇති වකවානුවක මෙම තුන්සරණ ඇන්ඩ්‍රොයිඩි යෙදුම ශ්‍රි පාද වන්දනා කරන ඔබට මහගු පිටුවහලක් වනු ඇත." 

මෙතනින් පිවිස ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ඇප් එක බාගන්න.