Jul 28, 2018

Laptop Battery Maintenance Tips

ලැප්ටොප් පරිගණකයක ඉක්මනින්ම ක්ෂය වන උපාංගය වන්නේ එහි බැටරියයි. එය නිසි ලෙස නඩත්තු කිරීම මගින් එහි ආයුකාලය දීර්ඝ කරගන්න පුළුවන් වෙනවා. එබැවින් ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නෙකු එහි බැටරිය නඩත්තු කළ යුතු ආකාරය පිළිබද දැන සිටීම වැදගත් වෙනවා. බොහෝ ලැප්ටොප් මෙන්ම දුරකතන වලද දැනට භාවිතා වන්නේ Li-ion බැටරි වර්ගය වේ.මෙයට නිශ්චිත ආයුකාලයක් තිබේ.බැටරි නිෂ්පාදකයින් එය නිශ්චිතව දක්වනු ලබයි.එවිට එය කල්ඉකුත්වූවා සේ සළකයි. එහෙත් වැරදි භාවිතය නිසා බැටරිය කල්ඉකුත්වීමේ දිනට කලින් එය බාල තත්ත්වයට පත්වීම වලක්වා ගැනීමට ක්රාම කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.ලැප්ටොප් පරිගණක බාවිතා කරන අයට වටිනා ලිපියක්.

ලැප්ටොප් පරිගණකයක ඉක්මනින්ම ක්ෂය වන උපාංගය වන්නේ එහි බැටරියයි. එය නිසි ලෙස නඩත්තු කිරීම මගින් එහි ආයුකාලය දීර්ඝ කරගන්න

පුළුවන්. එබැවින් ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නෙකු එහි බැටරිය නඩත්තු කළ යුතු ආකාරය පිළිබද දැන සිටීම වැදගත් වෙනවා. බොහෝ ලැප්ටොප් මෙන්ම දුරකතන වලද දැනට භාවිතා වන්නේ Li-ion බැටරි වර්ගය වේ.මෙයට නිශ්චිත ආයුකාලයක් තිබේ.බැටරි නිෂ්පාදකයින් එය නිශ්චිතව දක්වනු ලබයි.එවිට එය කල්ඉකුත්වූවා සේ සළකයි. එහෙත් වැරදි භාවිතය නිසා බැටරිය කල්ඉකුත්වීමේ දිනට කලින් එය බාල තත්ත්වයට පත්වීම වලක්වා ගැනීමට ක්රාම කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.

බැටරිය දැනට ආරෝපණය වී ඇති ප්රලමාණය දැනගැනීම සදහා බැටරිය තුළ විශේෂ පරිපථයක් තිබේ. බැටරිය සම්පූර්ණයෙන් බැස නැති අවස්ථාවකදී එය චාර්ජ් කරන විය එය දැනට තිබෙන ප්රෝමාණයේ සිට ඉහළට චාර්ජ් වන බවට වගබලා ගැනෙන්නේ එම පරිපථය මගින්ය. එමනිසා ඕනෑම වේලාවක බැටරිය චාර්ජ් කලද එහි ගුණාත්මකභාවයට හානියක් සිදුවන්නේ නැත. එබැවින් එහි ආයුකාලය වැඩිවෙයි. බැටරිය තුළ ඇති පරිපථය ක්රියයාත්මක වීමෙන් පසු එහි ආයු කාලය ගණනය කරන්නේ charge circle එක මගිනි. එනම් බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් කිරීමෙන් පසුව එය සම්පූර්ණයෙන්ම බැස යන තෙක් අතර ඇති කාලය යි. එබැවින් ලැප්ටොප් පරිගණකයට ප්ර්ධාන විදුලි බලය සැපයිය හැකි සෑම අවස්ථාවකම චාර්ජරයට plug කර තැබීම කළ යුතුය.

බැටරිය සම්පූර්ණයෙන් චාර්ජ් වූ පසු පරිගණකය බැටරියෙන් විදුලිය ලබා නොගෙන ප්රමධාන විදුලියෙන් ක්රිරයාත්මක වේ. එවිට බැටරියේ charge circle ගණන ඉතිරිවී බැටරියේ ආයුකාලය වැඩි වෙයි. බැටරියේ ආයුකාලය වැඩිකරගැනීමට චාර්ජ් සර්කල් ගණන පමණක් ඉතිරි කිරීමෙන් ආයුකාලය වැඩිකරගන්න බැහැ. එයට බැටරිය රස්නයෙන් ආරක්ෂා කිරීමද වැදගත් වෙනවා. රස්නය වැඩිවන විට බැටරිය බැස යන වේගය වැඩි වේ. එමෙන්ම බැටරියේ ගුණාත්මක බවද අඩුවේ. එබැවින් අධික ලෙස හිරු එළිය නොවැටන හෝ කිසියම් ආකාරයකින් බැටරිය රත් වන ස්ථාන වල ලැප්ටොප් පරිගණකය නොතැබිය යුතුය. එමෙන්ම ලැප් එකෙන් රස්නය පිටවන කවුළු ආදිය නිරාවරණය වන ලෙස තැබීම වැදගත් වේ. උකුල මත, කොට්ට මෙට්ට ආදියෙහි ලැප් එක තැබීම මගින් රස්නය පිටවීමට බාධා වේ. එබැවින් හැකි සෑම විටම ලැප් එක සිසිල් කර තබාගැනීමට හැකිනම් බැටරියේ ආයුකාලයට බාධාවක් ඇතිවන්නේ නැත.

කාලයක් තිස්සේ බැටරිය බාවිතා නොකර තැබීම.එනම් අලුත් බැටරියක් බැසයාමට කලින් හෝ බැසගිය පසු බොහෝ කාලයක් නැවත චාර්ජ් නොකර තැබීම නිසාද බැටරියේ ආයුකාලය අඩුවේ. කාලයක් භාවිතා නොකිරීමේ අරමුණින් ලැප්ටොප් පරිගණකයක් අසුරා තබන්නේනම් 40% ක් පමණ ආරෝපණය කර සිසිල් ස්ථානයක තැබිය යුතුය. ඉහත ක්රමම මගින් බැටරිය ආරක්ෂා කළද, කල්ඉකුත්වන දිනයක් එයට ඇත.එවිටදී අදාල බැටරි පැක් එකක් හෝ අදාළ බැටරි ගලවා rebuild කළ හැකිය. Rebuild කිරීම ලාභදායක ක්රරමයකි. එහෙත් මූලික කාර්මික දැනුමක් නැති එයෙකුට එක කළ නොහැකිය.එසේ දැනුමක් තිබේනම් ඔබටම මෙය සිදුකරගන්න පුළුවන්.ලැප්ටොප් බැටරියක් සකසා තිබෙන්නේ එකිනෙක කෝෂ 6 ක් එක් කිරීමෙනි. මෙය ඇතැම් විට වෙනස් විය හැක. බැටරියේ ඇති බාහිර ප්ලාස්ටික් ආවරණය ඉවත් කිරීමෙන් පසුව බැටරි කෝෂ පහත පරිදි දැකගන්න පුළුවන්.


ඉහත ආකාරයට විවෘත කරගැනීමෙන් අනතුරුව අකර්මණ්යභ වී ඇති කෝෂ හදුනාගැනීම කළ යුතු වේ. මෙහිදී පරික්ෂා කරන කෝෂ වල වෝල්ටීයතාවය 3.6 හෝ ඊට වැඩි අගයක් ගන්නේනම් කෝෂයේ තත්ත්වය හොද ය. ඊට අඩු කෝෂ භාවිතයට නුසුදුසු මාරු කළ යුතු කෝෂ ලෙස සැලකේ.පහත ආකාරයට මල්ටිමීටරයක් භාවිතා කර එවැනි කෝෂ හදුනාගත යුතුය.


ඉන්පසු අකර්මණ්යස වූ කෝෂ වල කාණ්ඩ අංකයට සමාන කෝෂ තෝරාගත යුතුය. බැටරියේ ප්ලාස්ටික් ආවරණයේ යම් තැනක කාණ්ඩ අංකය සදහන් කර තිබේ. අනතුරුව සියලුම කෝෂ පෙර තිබූ පරිදි සවි කර ආවරණයද සවි කර භාවිතා කර බැලිය හැක. ඔබට මෙම බැටරි Replace කිරීමට මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් පිවිස GearBest එකෙන් Order කරන්න පුළුවන්.

Battery Replace කරන ආකාරය පහත වීඩියෝව බලන්න.



🖊 උපුටා ගැනීම : විජය පරිගණක සඟරාව