Jan 10, 2017

Disable KMPlayer Ads

http://www.aluth.com/2017/01/disable-kmplayer-ads.html
KMPlayer එකේ දැන්වීම් පෙන්වීම නවත්වන්න අපේ මෘදුකාංගයක්.

වීඩියෝ බලන්න ගොඩදෙනෙක් බාවිතා කරන්නේ KMPlayer එක නිසා ඒ අයට වටිනා මෘදුකාංගයක් ලංකාවේ අයෙක් නිර්මාණය


කර තිබෙනවා. මෙම Player එකේ නව සංස්කරණ වල අලුත් අංග අැතුලත් වුුනත් එ් සමඟම කරදරකාරී ලෙස දැන්වීම්ද ඇතුලත් වී තිබෙනවා. බහුතරයක් දෙනා  player එක බාවිතයෙන් ඉවත් වීමටද එය හේතුවක් වී තිබෙනවා. මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම් වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. මොකද ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන පරිගණක වල player එක open කරපු ගමන් හුගක් කරදරකාරී ලෙස දැන්වීම් දර්ශනය වීමයි. එහෙනම් බලමු මේක කරන ආකාරය.
  • මුලින්ම මෙතනින් (154KB) පිවිස මෙම මෘදුකාංගය බාගත කරගන්න. දැන් බාගත කරගත් Zip ෆයිල් එක Winrar වැනි මෘදුකාංගයක් භාවිතා කර විවෘත කරගන්න. නැතහොත් Unzip කරගන්න. දැන් එහි තිබෙන kmpAdRemover නම් ෆයිල් එක විවෘත කරගන්න.
  • එවිට මෙම මෘදුකාංගය මෙලෙස විවෘත වෙයි.
  • දැන් ඔබේ පරිගණකයේ KMPlayer එක ස්ථාපනය කර තිබෙන ස්ථානයට අදාල File Location එක කොපි කරගන්න.

  • දැන් එම Address එක කොපි කරගත් පසු ඉහත විවෘත කරගත් මෘදුකාංගයේ KMPlayer Location කියන ස්ථානයේ Paste කර Remove Ads ක්ලික් කරන්න.


  • දැන් KMPlayer එක විවෘත කරලා බලන්න, දැන්වීම් ඉවත්වී ඇත.

ඒවගේම මේ දේවල් කරන්න අපහසුනම් දැන්වීම් නොපෙන්වන KMPlayer මුල් සංස්කරණය මෙතනින් පිවිස බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.