Sep 7, 2017

Samsung Galaxy Note 8 Sinhala Review

සැම්සුන් ගැලෙක්සි නෝට් 8

සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට් ජ‍ංගම දුරකතනය වන්නේ මෙයයි. ඔබට මතක ඇති පසුගිය වසරේ නෝට් 7 පැමිණීම හේතුවෙන් සැම්සුන් සමාගමට රතු එළියක්ද 


දැල්වුනා, ඒ නෝට් 7 හි බැටරියෙහි ඇති වූ තාක්ෂණික දෝශයක් නිසාවෙන් නොට් 7 අලෙවියද නවතා පාරිබෝගිකයින්ට වන්දි ගෙවීමටද සිදුවීම හේතුවෙනි. ඔන්න ඒ සියලු අත්දැකීම් සමග මෙම වසරේ සැම්සුන් නෝට් 8 නිකුත් කරනු ලැබුවා. නිකුත් කිරීමත් සමග එහි ඇති features ගැන දැනගන්න කැමති අයට මේ ලිපිය වටිනවා. 

Note 8 එකේ තියෙන Infinity Metal and glass sandwich design පෙනුමට ඕනෑම කෙනෙක් වශී වෙනවා. බලන්න පහත හදුන්වාදෙන වීඩියෝව.


අපි බලමු මෙහි ඇති ගුණාංග මොනවද කියලා.
  • ඉදිරිපස Home Button එකක් නොමැත.
  • samsung සමාගම මුල්වරට හදුන්වලා තියෙන Dual Camera system එක.
  • මුල්වරට ස්මාර්ට් ෆෝන් එකකට optical image stabilization හදුන්වලා දෙන්නේ මේ Samsung Galaxy Note 8 එකෙන්. ඉහත Gif එකෙන් පේනවා ඇති lense එක හෙලවෙනවා. ඒකෙන් අපිට අපේ අත හෙලවුනත් වීඩියෝ එක හෙල්ලෙන්නේ නැතුව රෙකෝඩ් කරගන්න පුළුවන්.
  • අගල් 6.3 1440x2160 Super AMOLED curved Infinity Display ඩිස්ප්ලේ එක.
  • ඉදිරිපස 8 Mp සහ පිටුපස 12 Mp Dual කැමරා සහිතයි.
  • රැම් එක 6 GB. 😮
  • 3,300mAh බලයක් සහිත බැටරිය.
  • 1.6GHz octa-core ප්‍රොසෙසරයක් සහිතයි. 😍
  • 64 GB Internal Memory සහිහයි, අවශ්‍යනම් Memory Card සම්බන්ධ කිරීමෙන් Memory එක තවත් වැඩි කරගන්න පුළුවන්.
  • Android 7.0 Nougat මෙහෙයුම් පද්ධතිය ඇතුලත් වේ.
  • ඉක්මනින් බැටරිය ආරෝපණය වීම සහ රැහැන් රහිතව බැටරිය ආරෝපණය වෙන තාක්ෂණයෙන් යුක්තයි.

  • ඉහත වර්ණයන් 4 තෝරා ගැනීමට පුළුවන්. ල‍ංකාවේ මුදලින් රු.1 80,000 ක් පමණ වෙනවා.