Aug 31, 2018

AtomicCleaner3 - Speedup Windows Computer

පරිගණකයේ ඇති Junk Files, History Flies ආදිය ඉතාමත් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක් ලෙස Atomiccleaner3 මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය බැලූ බැල්මට ඉතා සරල අතුරු මුහුණතක් සහිතය. මෙම මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ ඇති crash dumps, individual system caches, logs, error reports, prefetch files, downloaded installation files, Windows Installer Cache ආදී අනවශ්‍ය ෆයිල් ඉවත් කරගන්න පුළුවන්. ඒවගේම ඔබගේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇති cache, history, cookies, passwords ආදියද ඉවත් කරගන්න පුළුවන්.පරිගණකයේ නොපෙනෙන කුණු ඉවත්කර වේගවත් කරන මෘදුකාංගය.

පරිගණකයේ ඇති Junk Files, History Flies ආදිය ඉතාමත් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්

නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක් ලෙස Atomiccleaner3 මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය බැලූ බැල්මට ඉතා සරල අතුරු මුහුණතක් සහිතය. මෙම මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ ඇති crash dumps, individual system caches, logs, error reports, prefetch files, downloaded installation files, Windows Installer Cache ආදී අනවශ්‍ය ෆයිල් ඉවත් කරගන්න පුළුවන්. ඒවගේම ඔබගේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇති cache, history, cookies, passwords ආදියද ඉවත් කරගන්න පුළුවන්. බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප.



මෙම මෘදුකාංගයේ අතුරු මුහුණතේ Cleaning areas 04 ක් දැකගන්න පුළුවන්. ඒවානම් System, Web Browsers, Games, Programs ආදියයි. තවද ඔබට මෙමගින් ගිගාබයිට් 1.8 ක ප්‍රමාණයක් දක්වා Clean කරගන්න පුළුවන්.ගේම්ස් ප්ලේ කරන අයට Gaming cleanup option එකක්ද මෙම මෘදුකාංගයේ අන්තර්ගත වෙනවා.

ඉතා කුඩා මෘදුකාංගයක් වන මෙම මෘදුකාංගය ඔබගේ CPU,Ram ධාරිතාවය භාවිතා කරන්නේ ඉතා අවම ප්‍රමාණයකි. මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින් පිවිසෙන්න. තවද මෙම මෘදුකාංගය ධාවනය කිරීමට ඔබගේ පරිගණකයේ Net Framework 4.6 සංස්කරණය තිබිය යුතුය. එය මෙතනින් පිවිස බාගත කරගන්න.

Technical Details

  • Software Name : AtomicCleaner3
  • File size : 2.5 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : atomicware.co.uk