Sep 9, 2018

VideoPad Video Editor - Video Editing Software for Everyone.

පහසුවෙන් මෙන්ම ඉක්මනින් වීඩියෝ එකක් Edit කරගන්න පුළුවන් ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස VideoPad Video Editor මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය භාවිතා කර Professional මට්ටමේ ගුණාත්මක බවින් යුතු වීඩියෝවක් සකසා ගන්න පුළුවන්. ඉතාමත් සිත්ගන්නා සුළු අතුරු මුහුණතකින් යුතු මෙම මෘදුකාංගය ඔබට නොමිලයේ භාවිතා කරන්න පුළුවන්. DVD, HD, Youtube ආදිය සදහා වීඩියෝ නිර්මාණය කිරීමට පහසුවෙන් භාවිතා කළ හැක.මේ තුළට අදාළ Video clips, Audio clips, Images ආදිය Drag & Drop කිරීම මගින් වුවද ඇතුළත් කරගන්න පුළුවන්.වීඩියෝ එඩිට් කරන්න සුපිරිම මෘදුකාංගයක්.

පහසුවෙන් මෙන්ම ඉක්මනින් වීඩියෝ එකක් Edit කරගන්න පුළුවන් ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස VideoPad Video Editor මෘදුකාංගය හදුන්වන්න පුළුවන්.

මෙම මෘදුකාංගය භාවිතා කර Professional මට්ටමේ ගුණාත්මක බවින් යුතු වීඩියෝවක් සකසා ගන්න පුළුවන්. ඉතාමත් සිත්ගන්නා සුළු අතුරු මුහුණතකින් යුතු මෙම මෘදුකාංගය ඔබට නොමිලයේ භාවිතා කරන්න පුළුවන්. DVD, HD, Youtube ආදිය සදහා වීඩියෝ නිර්මාණය කිරීමට පහසුවෙන් භාවිතා කළ හැක.මේ තුළට අදාළ Video clips, Audio clips, Images ආදිය Drag & Drop කිරීම මගින් වුවද ඇතුළත් කරගන්න පුළුවන්.

ඒ වගේම විවිධ effects සහ transitions 50 කට වැඩි ප්‍රමාණයක් මෙහි ඇතුළත් වේ.මෙමගින් ඔබට 360 වීඩියෝ සදහාද විවිධ effects, transitions සහ Text ආදිය එක් කරන්න පුළුවන්.තවද 3D හෝ 2D ආකාරයෙන් වීඩියෝ එඩිට් කිරීමටද හැකියාව තිබේ. වීඩියෝවේ Speed එක අවශ්‍ය ආකාරයට Control කිරීමට ද හැකියාව තිබේ.ඒ අනුව වීඩියෝවක් පිටුපසට වුවද ධාවනය කළ හැක. පහතින් බලන්න තිර ඡායාරූප.



ඔබ විසින් සකස් කරගත් වීඩියෝවක් DVD, CD, Blu-ray හෝ HD-DVD ආකාරයෙන් සංයුක්ත තැටියකට Burn කරගන්න පුළුවන්.තවද  avi, wmv, mpg, 3gp, mp4, mov, mkv, gif, YouTube, iPod, PSP ආදී ෆෝමැට් වලින්ද Output ලබාගන්න පුළුවන් මෙන්ම Youtube, Facebook හෝ Flickr වැනි සමාජ ජාල තුළට Direct අප්ලෝඩ් කිරීමේ හැකියාව තිබේ.

මෘදුකංගය භාවිතා කරන ආකාරය වටහා ගන්න පහත වීඩියෝව බලන්න.


ඉතා කුඩා සැහැල්ලු මෘදුකාංගයක් වන මෙය පරිගණකයේ CPU, Ram භාවිතා කරන්නේ කුඩා ප්‍රමාණයකිනි. මෘදුකාංගය බාගත කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.