May 23, 2019

Google I/O 2019 Here's everything in Sinhalese

මේ වනවිට ලංකාවේ වගේම ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ඇන්ඩොර්යිඩ් ස්මාර්ට් ජංගම උපාංගයි. ඉතින් මේ Device වලට  සාමාන්‍යයෙන් ඇප්ස් දාගන්නේ ගූගල් play store එක මගිනුයි. ප්‍රධාන වශයෙන් play store එකේ ඇප්ස් නොමිලේ සහ මුදලට ලබාදෙන ඇප්ස් ලෙස කොටස් දෙකකි. ගොඩක් අය බාවිතයට ගන්නේ මෙම නොමිලේ ලබාදෙන ඇප්ස් පමනයි. නමුත් අප හදුන්වාදෙන මෙම Ac Market විශේෂ වන්නේ මෙහි play store එකේ මුදලට ලබාදෙන ඇප්ස්, ගේම්ස් නොමිලේ ලබාගතහැකි ක්‍රැක් APK ඇප්ස් අන්තර්ගත වීමයි. Google I/O 2019 සාරා‍ංශයක්.

තාක්ෂණික ලෝකයේ අති දැවැන්තම event එක විදියට හඳුන්වන්න පුලුවන් Google IO, මේ වසරේදීත් ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වුණා. 
ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ

කැලිෆෝර්නියා ප්‍රාන්තයේදී. Google IO 2019 ගැන අවධානයෙන් පසු වූ බොහෝ දෙනා, විශේෂයෙන්ම tech enthusiastsලා පසු ගිය මාස ගණනක් තිස්සේම බොහෝ අනාවැකි පළ කළා. ඒ ඉදිරිපත් වුණු අනාවැකි කීපයක්ම සැබෑවක් බවට පත්කරමින් Google සමාගම කාගේත් සිත් ඇදගන්නාසුළු නිෂ්පාදන කීපයක් ගැනම තොරතුරු ලෝකයට මුදා හැරියා. ඉතින් Google IO 2019 ඔබටත් මග හැරුණා නම්, ඒ ගැන මේ වනතෙක්ම ඔබට සොයා බලන්නට නොහැකි වුණා නම්, මේ ලිපියෙන් ඒ ගැන ඔබට යම් අවබෝධයක් ලබා ගන්නට හැකි වේවි. Google IO 2019 සුවිශේෂීම highlights ගැනයි මේ.

1. Pixel 3A සහ 3A XL අද සිට වෙළඳපොළේ.


$ 399 ක් වැනි සාපේක්ෂව අඩු මුදලකට Pixel product line එකේ ඉතාමත්ම දියුණු camera features පාරිභෝගිකයින් අතට පත් කරන්නට Pixel 3A සහ 3A XL සමගින් Google සමාගම කටයුතු කරලා තියෙනවා. මෙහි අන්තර්ගත සිත් ඇදගන්නාසුලු camera features විදියට front සහ rear camera දෙකටම Night Sight, Super Res Zoom, සහ portrait mode හඳුන්වා දී තිබීමත් දක්වන්න පුලුවන්. කෙනෙක්ට ගැටළුවක් එන්න පුලුවන් සාපේක්ෂව අඩු මිලක් නියම වී ඇති මේ phones වල නැති features මොනවද කියලා. waterproofing සහ wireless charging වගේ premium features මිලෙහි වෙනසත් සමගින් මේ phone එකට අහිමි වෙලා තියෙනවා. කෙසේවෙතත් Pixel 3A devices වලින් cloud එකේ Google photos වලට photos upload වෙද්දී full resolution වලින් වෙනුවට high quality වලින් photos upload වීමත් විශේෂයි. අද සිට රටවල් 13ක වෙළඳපොළේ Pixel 3A සහ 3A XL දකින්න ලැබෙන බවයි තමයි වාර්තා වෙන්නේ.


2. Nest Hub Max – camera එකක් සමගින් එන smart display එක




Google සමාගම ප්‍රකාශ කළ අන්දමට ඔවුන්ගේ Google Home product line එක Google Nest ලෙසින් පසුගියදා re-brand කරනු ලැබුවා. ඉතින් මේ product line එකේ අලුත්ම device එක විදියට Nest Hub Max, Google IO 2019 දී හඳුන්වා දෙනු ලැබුවා. මේ device එක Nest Camera, Google Home Hub සහ Google Home Max කියන devices වල එකතුවක් විදියටත් හඳුන්වන්න පුලුවන්. මෙහි විශේෂත්වය වන්නේ security camera, smart display, සහ loudspeakers යන මේ සියල්ල එකම devices එකක අන්තර්ගත වීමයි. තවත් සුවිශේෂීම කාරණාවක් තමයි facial recognition feature එක සහිත in-built camera එකක් සහිතව එන මේ device එකේ, processing වලට අදාළ දත්ත කිසිවක් web එක හරහා හුවමාරු නොවීම. මේ device එකත් නුදුරේදීම වෙළඳපොළට release වෙන්නට නියමිතයි.


3. Android වෙතින් live subtitles ළඟදීම.



ඔබ camera roll එකේ තියෙන, web එකේ තියෙන video එකක් නරඹනවානම්, එහෙමත් නැත්නම් app එකක් භාවිතයෙන් video එකක් නරඹනවානම්, මේ ඕනෑම අවස්ථාවකදී live subtitles ඔබ වෙත ගෙන එන්නට Google සමගම කටයුතු කරගෙන යන බව තමයි ඔවුන් Google IO 2019 දී ප්‍රකාශයට පත් කළේ. ඒ විතරක් නෙවෙයි මේ feature එක video calls සහ phone calls දක්වා ගෙනයන්න තමයි ඔවුන්ගේ බලාපොරෝත්තුව. විශේෂයෙන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට මේ service එක ඉතාමත් වැදගත් වේවි. ඔවුන්ට විතරක් නෙවෙයි, අපි ඕනෑම කෙනෙක්ට භාෂාමය ගැටලුවක් මතු වෙන අවස්ථාවකදී වගේම, පොදු ස්ථානවලදී අනිත් අයට බාධාවක් නොවන ආකාරයට video එකක් නැරඹීමටත් මෙය උපකාරී වෙන නිසා මෙය බොහෝ දෙනෙක් ඉතා ඉක්මනින් වැළඳගන්න service එකක් වෙයි කියලා ගොඩක් දෙනෙක් මත පලකරනවා.


4. Google Maps වෙත හඳුන්වා දෙන Incognito Mode.



Location සහ search tracking අවම කිරීමේ අරමුණ ඇතිව Google සමාගම ගත් පියවරක් විදියට Google maps වෙත incognito mode හඳුන්වා දීම දක්වන්න පුලුවන්. Google Map, web සහ app versions දෙකටම මෙය අදාළ බවත් වාර්තා වෙනවා. මේ feature එකත් නුදුරේදීම අපි අතරට පැමිණේවි.


5. Project Mainline සමගින් Android updates ඉක්මනින් අපි අතට.

සාමාන්‍යයෙන් update එකක් අපි අතට එන්නේ phone manufacturer හරහා. ඉතින් Google සමාගම මේ සුදානම් වෙන්නේ play store හරහා Android updates බෙදා හරින්නටයි. Android Q සමගින් මෙය ආරම්භ වන බව තමයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. මෙමගින් ඉතාමත් ඉක්මනින් Android updates අපේ අතට පත් වේවි.


6. Google Lens Update



Google සමාගම පවසන අන්දමට restaurant එකක අපිට ලැබෙන menu card එකක දකින්න ලැබෙන dish එකක පින්තුරයක්, Google Lens සහ Google Maps වල එකතුවෙන්, ඒ dish එක ඇත්තටම කොහොම වේවිද කියලා පෙන්නුම කිරීමට තරම් Google lens දියුණු කිරීමට මේ update එකට හැකියාව තියෙනවා. Restaurant එකේ බිල්පත Google lens හරහා scan කිරීමෙන්, මුදලට tip එකක් එකතු කරලා, මුළු මුදල කීප දෙනෙක් අතර බෙදුවොත් එක්කෙනකුට කීයක් ගෙවන්න වෙයිද වගේ ගණනය කිරීම් calculator එකෙත් උදව් ඇතිව ඔබට කර දෙන්නටත් මේ සමගින් Google Lens හට අවස්ථාව ලැබේවි. ඒ වගේම Google සමාගම සමගින් එකඟතාවයට පැමිණි යම් සඟරා වල අන්තර්ගත පින්තූර සජිවකරණයට ලක් කරලා පෙන්නුම් කිරීමටත් නුදුරේදීම Google Lens වලට හැකියාව ලැබෙන බවයි වාර්තා වෙන්නේ.


7. Google Duplex සහ Google Assistant තවත් දියුණුවෙන් දියුණුවට.



ඔබේ කටහඬ පමණක් උපයෝගී කරගෙන messages වලට reply කරන්න, emails ලියන්න, messages වලට images insert කරන්න වගේම personalized results ( Google Maps වලින් තමන්ගේ නිවසට යන පාර ආදිය) ලබා ගන්න තරම් Google Assistant දැන් දියුණුයි. ඒ විතරක් නෙවෙයි නෙවෙයි, Google Assistant driving mode සමගින් නවතම අත්දැකීමක් ලබා දෙන්නත් මීළඟ සති කීපය තුළදී Google සමාගම සුදානම් වෙනවා.




Google IO 2018 දී ඔබට මතක ඇති Google Duplex අපේ bookings වගේ දේවල් ඉතාමත් සාර්ථක ලෙස voice call එකක් මගින් අපිට confirm කරන ආකාරය ගෙන හැර දැක්වුවා. ඉතින් මේ වනවිට තවත් පියවරක් ඉදිරියට ගිහින් අපේ bookings confirm කරන්න විතරක් නෙවෙයි, අපි වෙනුවෙන් forms fill කරලා booking එකක් place කරන්න තරම් Google Duplex දියුණු වෙලා. හිතන්නකෝ අපි Google Calendar වල හෙට යන ගමනක් ගැන schedule කරලා තියෙනවා කියලා. එතකොට ඒ වෙනුවෙන් යම් cab service එකකින් අපිට taxi එකක් book කරන්න කියලා අපි voice command එකක් දුන්නොත්, Google Calendar වල විස්තර ලබාගෙන, web එකෙන් අපිට අවශ්‍ය cab service web site එකට ගිහින්, booking එකක් සඳහා අවශ්‍ය form එක fill කිරීමට තරම් Google Duplex දියුණුයි. Booking එක confirm කරන්න කලින් auto fill වෙච්ච form එක බලන්නත් userට අවස්ථාව සැලසෙනවා.

මේ ලිපියෙන් ඔබත් සමග බෙදා හදා ගත්තේ Google IO 2019 Event එකේ ප්‍රකාශයට පත්වුණු වැදගත්ම කියලා හිතෙන කරණු කීපයක්. එහෙමත් නැත්නම් Highlights කීපයක්. ඉතින් මේ දේවල් දකිද්දී අපේ අනාගත තාක්ෂණය මොන තරම් නම් දියුණු වෙයිද කියලා අපිට හිතාගන්නවත් බැහැ නේද? කොහොමවුණත් මේ කියවපු දේවල් ගැන සවිස්තරව දැනගන්න Google IO 2019 key note එක පහතින් නරඹන්නත් අමතක කරන්න එපා !



🖊 Post by Sandali Siriwardane