Jan 22, 2017

HTC U Ultra & HTC U Play

http://www.aluth.com/2017/01/htc-u-ultra-htc-u-play.html
HTC සමාගමෙන් අලුත්ම ස්මාර්ට් ෆෝන් දෙකක් හදුන්වාදෙයි.

HTC සමාගම විසින් පසුගිය දිනක අලුතෙන් හදුන්වාදුන් HTC U Ultra සහ HTC U Play ස්මාර්ට් දුරකතන නව මුහුණුවරකින් යුතුව

වෙළදපොළට හදුන්වා දෙන ලදී. මෙම දුරකතන 2 ක අතරින් මුලින්ම HTC U Ultra ගැන සලකා බැලීමේදී මෙය ටැබ්ලට් ගණයට අයත් වන අගල් 5.7QHD තීරයකින් සමන්විත වෙනවා. Qualcomm Snapdragon 821 Chipset එක යොදාගෙන ඇත. headphone jack එක වෙනුවට USB-C Port එකක් අන්තර්ගත වේ. 3000mAh බැටරියක් අඩංගු වේ. 12 MP Rear කැමරායක්ද, 4 GB රැම් ධාරිතාවකින්ද මෙය සමන්විත වෙනවා.

බලන්න Cnet Review වීඩියෝව.


HTC U Ultra ඇතුලත් Specification,
  • Android OS, v7.0 (Nougat)
  • Qualcomm MSM8996 Snapdragon 821 Chipset
  • Dual SIM (Nano-SIM, dual stand-by)
  • 5.7 inches (~69.7% screen-to-body ratio) Screen
  • Resolution - 1440 x 2560 pixels (~513 ppi pixel density)
  • Quad-core (2x2.15 GHz Kryo & 2x1.6 GHz Kryo) Processor
  • Adreno 530 GPU
  • Fast battery charging (Quick Charge 3.0)
HTC U Play දුරකතනය පිළබද සැලකීමේදී මෙහි සුළු වෙනස්කම් කිපයක් දැකිය හැකිය. මෙය ප්‍රමාණයෙන් අගල් 5.2 තිරයකින් සමන්විත වෙනවා. Mediatek Helio 10  Chipset එකක් සහ Octa-core ප්‍රොසෙසරයකින් බලගැන්වෙයි. Rear හා Front කැමරා 2 16 MP වේ.4 GB රැම් ධාරිතාවක් ඇත. ඒවගේම මෙම දුරකතනයේද 3.5 mm හෙඩ් ෆෝන් ජැක් එකක් දකින්න ලැබෙන්නේ නැත. ඒ වෙනුවට USB-C Port එකක් දැකගන්න පුළුවන්.මෙහි 2500mAh බැටරියක් දැකගත හැක.

HTC U Play ඇතුලත් Specification,
  • Android OS, v6.0 (Marshmallow)
  • Mediatek MT6755 Helio P10 Chipset
  • Octa-core (4x2.0 GHz Cortex-A53 & 4x1.1 GHz Cortex-A53) Processor
  • Mali-T860MP2 GPU
  • Dual SIM (Nano-SIM, dual stand-by)
  • Super LCD capacitive touchscreen, 16M colors
  • 5.2 inches (~68.7% screen-to-body ratio)
  • 1080 x 1920 pixels (~428 ppi pixel density)
  • Primary camera 16 MP & Secondary camera 16 MP
  • Non-removable Li-Ion 2500 mAh battery
ඡායාරූප.
HTC U Play

HTC U Ultra

HTC U Play

HTC U Ultra & HTC U Play