Oct 13, 2017

Isuru e English Sinhala Dictionary

අද කාලෙට ගැලපෙන අපේ ශබ්දකෝෂය.

Isuru e Dictionary යනු වචන 187,000 ක් වැනි විශාල වචන සංඛයාවක් අන්තර්ගත ලංකාවේ එකම ශබ්දකෝෂයයි. ඒ වචන සියල්ලම විශේෂිතවන


 මාතෘකා වලට අනුව වෙන්කරලා මෙහි ඇතුලත් වෙනවා. නාමපද, ක්‍රියාපද වැනි ඉංග්‍රීසි භාෂාව තුළ පවතින සාමාන්‍ය වචන වල සිට ගණිතය, විද්‍යාව, නීතිය, තොරතුරු තාක්ෂණය වැනි විශේෂිත වූ මාතෘකා 72 ක් ඔස්සේ මෙම බෙදීයාමකර තිබෙනවා. ඒ හැම වචනයකට ම අනුරූප විශේෂිත ඉංග්‍රීසි වචන පවතිනවා. ඒ වගේම සමාන වචන. මේ ශබ්දකෝෂය තුළ ඉංග්‍රීසි වචනයට සමාන සිංහල වචන පෙන්වනවා වගේම සිංහල වචනයට සමාන ඉංග්‍රීසි වචනත් පෙන්වන්වා.

බලන්න තිර ඡායාරූපයක්.


 කෙනෙක්ට සිංහල වචනයට සමාන ඉංග්‍රීසි වචනය අවශ්‍ය නම් සරලව ම තමන් දන්නා singlish වලින් හෝ Wijesekara සම්මතයෙන් හෝ සිංහල වචනය මෘදුකංගය තුළට ඇතුළු කළ හැකිය. ඒකට ඔබ වෙනත් typing method එකක් දැන සිටිය යුතු නැත. හරිම සරලව ම ඔබට අදාළ සිංහල වචන සමග කටයුතු කළ හැක.

ඒ වගේම ඕනෑම ඉංග්‍රීසි වචනයක් ශබ්ද කිරීමේ හැකියාව ද මෙම ශබ්දකෝෂයට ඇතුලත්. මෙලෙස ශබ්ද කිරීමේදී (pronounce) ඔබගේ රුචිකත්වයට අනුව තෝරාගත හැකි කටහඩවල් තුනක් (Jhon, Rose, Kevin) ද ශබ්දකෝෂයට ඇතුලත්ය.

මෙම මෘදුකාංගය බාවිත කරන ආකාරය පහත Video එකෙහි අන්තර්ගත වේ.


එමෙන්ම යම් වචනයකට අදාළව පැමිණෙන search results තුළ ඇති වචන clipboard එකට copy කිරීමේ හැකියාව ද මෙම ශබ්දකෝෂය සතුයි. එමෙන්ම එම වචන ක්ෂණිකව ම ප්‍රතිවිරුද්ධ භාෂාවට හරවා ඒම වචනයට අදාළ වචන සෙවීමේ හැකියාවද මෙතුළ ඇත. එමෙන්ම මෙම ශබ්දකෝෂය පරිගණකය ක්‍රියාත්මක වෙන විට ම ක්‍රියාත්මක වී taskbar එක තුළ  පවතින අතර ඕනෑම විටක පරිශීලකයාගේ බාහිර වැඩ වලට කරදර නොකර විශේෂිත වූ Clipboard monitoring service සහ Mouse monitoring service එක හරහා පරිශිලකයාට ඉක්මන් පිළිතුරු ලබාදේ. ✌

මෙම Clipboard Listen service එක ඔබට Dictionary යෙහි Main window > Options > Word Listening Services > Clipboard Listen Service එක හරහා සක්‍රීය කර ගත හැක. මෙමගින් ඔබ වචනයක ctrl + c මගින් clipboard එකට copy කර ගත් විට එහි සිංහල තේරුම Tray එක තුළ දැනුම්දීමක් ලෙස පෙන්වයි.

මෙම Mouse Listen service එක ඔබට පෙර පරිදිම Main window > Options > Word Listening Services > Mouse Listen Service එක හරහා සක්‍රීය කර ගත හැක. මෙමගින් ඔබ ctrl සමග වචනයක් මත Double click කල විට එහි සිංහල තේරුම වචනය තෝරාගත් තැනම දැනුම්දීමක් ලෙස පෙන්වයි. 

වින්ඩෝස් 64bit පරිගණක සඳහා මෙතනින් ද, 86bit සඳහා මෙතනින්ද බාගන්න.

Post Update - Windows 7 වල පොඩි bug එකක් නිසා font හරියට install වෙන් නෑ අනිත් windows version වල අවුලක් නෑ. ඉතින් Windows 7 අය ෆොන්ට් එක මෙතනින් පිවිස බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.